පෙබරවාරි 27, 2025
tami eng youtube  twitter facebook

    සමාජ මාධ්‍යවල පළවන විදේශ රැකියා දැන්වීම්වලට හසුවන්න එපා- සමාජ මාධ්‍ය හරහා සිදුකරන ජාවාරමක් හෙළිකරයි

    පෙබරවාරි 25, 2021

    විදේශ රැකියා හා සම්බන්ධ විවිධ දැන්වීම් සමාජ මාධ්‍යවල පළකරමින්, විදේශ රැකියාලාභින් මුලාකොට විවිධ ජාවාරම් සිදු කරන බවත්, එම ජාවාරම්වලට ජනතාවට නොරැවටෙන ලෙසත්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය දැනුම් දෙයි.

    ඇතැම් විදේශ රැකියා නියෝජිතායතන ද මෙම ජාවාරමට හවුල් වී ඇති අතර, Facebook, Whatsapp, imo වැනි සමාජ ජාලා හරහා ජනතාව රවටා, වංචනිකව මූල්‍ය ජාවාරම්වල නිරතවන බවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයට හා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිනිලි ලැබී ඇති බව කාර්යංශයේ නීති හා විමර්ශන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි නීතිඥ කීර්ති මුතුකුමාරණ මහතා සඳහන් කරයි.

    විදේශ රැකියා සඳහා නීත්‍යානුකූල දැන්වීම් පලකිරීමට බලපත්‍රලාභි රැකියා නියෝජිතායතන වලට අනුමැතිය හිමි වන්නේ පුවත්පත්, රූපවාහිනි, ගුවන් විදුලි වැනි මාධ්‍යවල පළකිරීමට පමණි. සමාජ මාධ්‍යවල දැන්වීම් හෝ තොරතුරු පළකිරීමට කාර්යංශයෙන් අනුමැතිය ලබා නොදෙන අතර , සමාජ මාධ්‍යවල විදේශ රැකියා හා සම්බන්ධ දැන්වීම් පළකිරිම කාර්යංශ පනතට අනුව නීතිවිරෝධි හා දඩුවම් ලැබිය හැකි වරදකි.

    එහෙත් ඇතැම් රැකියා නියෝජිතායතන හා පුද්ගලයන් සමාජ ජාලා හරහා මෙම නීතිය උල්ලංඝනය කරමින් විවිධ තොරතුරු පළකරමින් විදේශ රැකියාලාභින් මුලා කරන බව කාර්යංශය සඳහන් කරයි. එබැවින් එවැනි සමාජ මාධ්‍ය හරහා පළවන දැන්වීම්වලට ප්‍රතිචාර නොදක්වන ලෙසත්, ඊට අනුගත නොවන ලෙසත් එහි පළවන ව්‍යාජ තොරතුරු පිලිනොගන්නා ලෙසත් නීතිඥ කීර්ති මුතුකුමාරණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී. මෙවැනි ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් කාර්යංශය නිරන්තර අවධානයෙන් සිටින බවද මෙවැනි ජාවාරම්කරුවන්ට නොරැවටෙන ලෙසද වැඩිදුරටත් අවධාරණය කරයි.

     

     

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya