එම සංගමයේ උප සභාපතිවරුන් ලෙස රවුෆ් හකීම්, අරවින්ද කුමාර් සහ මොහොමඩ් මුසම්මිල් යන මන්ත්‍රීවරුන් තේරී පත් වූ අතර ලේකම් ධුරයට පත්වූයේ රිෂාඩ් බදුර්දීන් මහතාය.
මෙම පත් කිරීම් සිදු වුයේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ආරාධනයෙන් (23) පාර්ලිමේන්තුවේදි පැවැති පාකිස්ථාන, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ රැස්වීමේදීය .
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා සහ ශ්‍රී ලංකාවේ පකිස්ථාන මහ කොමසාරිස් ජෙනරාල් මොහොමඩ් සාද් කටාක් මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විශාල පිරිසක් සහභාගි වූහ.
මෙහිදී අදහස් දැක්වූ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය අගය කළ අතර මෙරට පාර්ලිමේන්තුවේත් , පාකිස්තාන
පාර්ලිමේන්තුවේත් කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ සාක්ෂරතාව වර්ධනය සඳහා අත්සන් කිරීමට නියමිත ද්විපාර්ශික ගිවිසුම සම්බන්ධයෙන්ද සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ සභාපති ධුරයට පත් වූ නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙරට වසර 30 කට අධික කාලයක් තුළ පැවති යුද්ධය අවසන් කිරීමට පකිස්ථානය දුන් සහයෝගය ඇගයීමට ලක්කරමින් පාකිස්ථානය ශ්‍රී ලංකාවේ සමීපතම මිතුරෙක් බව සඳහන් කළේය . එමෙන්ම මානව හිමිකම් කවුන්සලයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වන යෝජනා පරාජය කිරීමට පාකිස්ථානය දැක්වූ සහයෝගයටද හෙතෙම ස්තුති කළේය.
එමෙන්ම, පකිස්ථානය හා ඉන්දියාව අතර ඇති අර්බුද පැවති සමයේ පකිස්ථානය ගුවන්යානා වලට මෙරටේදී ඉන්ධන ලබාගැනීමට ශ්‍රී ලංකාව ගනු ලැබූ පියවර සිහිපත් කළ ඒ මහතා 1996 වර්ෂයේ දී පාකිස්ථානයේ ලාහෝර් නුවර දී පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමේ දී ශ්‍රී ලංකාවට පකිස්ථාන ක්‍රීඩාලෝලීන්ගෙන් ලැබුණු සහයෝගය සිහිපත් කළේය. මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ පාකිස්ථාන මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර පවතින ද්විපාර්ශවික සහයෝගීතාව ඉතා ශක්තිමත් බවත් අග්‍රාමාත්‍ය ඉම්රන් ඛාන්මහතාගේ ශ්‍රී ලංකා සංචාරය එම සහයෝගීතාවය වඩාත් ප්‍රවර්ධනය කිරීමට හේතු වන බවත් පෙන්වා දුන්නේය.
මෙම රැස්වීමේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් වඩිවෙල් මහතා සහකාර ලේකම් ධුරයට පත්වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රි වීරසුමන වීරසිංහ මහතා භාණ්ඩාගාරයට තනතුරට පත්වූහ.