ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇගළුම් ආයතනයෙහි (SLITA) මූලිකත්වයෙන් පසුගිය (17) දින සිට පුරා දින 05ක් ඇඟලුම් ක්ෂේත්‍රය පිළිබද මනා පුහුණුවක් ලද කාන්තාවන් 75ක් සඳහා ලබාදෙන සහතික පත්‍රය සහ මහන මැෂින් ප්‍රදානය 22 දින හෙට්ටිපොළ ප්‍රජා ශාලාවේදී බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අතින් සිදුවිය.
මෙම සුවිශේෂී අවස්ථාව කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර මහතාගේ ,පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇගළුම් ආයතනයෙහි අධ්‍යක්ෂ ජනරාල් සරත් ප්‍රනාන්දු මහතාගේ ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසකගේ සහභාගිත්වයෙන් සාර්ථක ලෙස පැවැත්විය.
මෙහිදී පැමිණ සිටි ජනතාව අමතා රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියලුම ආසන සඳහා "ලිය සවිය" නමින් සමුපාකාර සමිති ආරම්භ කර එම සංවිධාන හරහා ඒවාට අවශ්‍ය සියලුම පහසුකම් ලබා දෙමින් එම කාන්තාවන් පේෂකර්ම අභ්‍යාස ආයතනය වෙත යොමු කර වැඩිදුර අධ්‍යාපනය ද ලබාදෙන බවයි.
තවද වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ගල්ගමුව,යාපනය,පොළොන්නරුව ප්‍රදේශයන්හි ආරම්භ කළ බතික් පුහුණු කිරීමේ මධ්‍යස්ථාන මෙන් ආසන මට්ටටමින් එවැනි මධ්‍යස්ථාන ස්ථාපිත කොට මාස 06ක් පමණ කාල සීමාවක් සහිත වූ වටිනා පුහුණුවක් ලබා දෙමින්, අත්යන්ත්‍ර පේෂකර්ම කර්මාන්තයෙහි නිරත වූවන්ගේ පහසුව තකා නූල් එතීම සදහා වූ මධ්‍යස්ථාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ලබා දීමට කටයුතු කරන බවත්, ඇඟලුම් ක්ෂේත්‍රයට මෙම වර්ෂය තුළ 5000කට අධික ප්‍රමාණයක් අලුතින් බිහි කරන බවත්, බතික් කලාවට 9000ක පමණ නිර්මාණ කරුවන් පිරිසක් හා අත්යන්ත්‍ර පේෂකර්ම කර්මාන්තයට 3000ක පමණ නිර්මාණ කරුවන් පිරිසක් බිහි කරමින් රට වෙනුවෙන්, ලැබී ඇති අමාත්‍යාංශය වෙනුවෙන් උපරිම යුතුකමක් ඉෂ්ඨ කරන බවද කියා සිටියේ ය.