කොළඹ, කැලණිය, යාපනය, නැගෙනහිර යන විශ්ව විද්‍යාලයන්හි වසර 05ක අධ්‍යයන කාලසීමාවක් සහ අනතුරුව වසරක සීමාවාසික පුහුණුවකින් අනතුරුව සුදුසුකම් ලත් උපාධිධාරීන් සදහා මෙහිදී පත්වීම් ලිපි ප්රදානය කෙරිණි.
ඒ යටතේ ආයුර්වේද වෛද්‍ය උපාධිධාරීන් 124 දෙනෙක්, යුනානි වෛද්‍ය උපාධිධාරීන් 17 දෙනෙක් සහ සිද්ධ වෛද්‍ය උපාධිධාරීන් 16 දෙනෙක් ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවයේ ප්‍රාථමික සේවයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරී පත්වීම් ලිපි ලබාගැනීම සිදුවිය.
එම අවස්ථාව සදහා දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශ ලේකම් කුමාරි වීරසේකර, ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරතුංග, දේශීය වෛද්‍ය ක්‍රම පිළිබද ජාතික ආයතනයේ බී. කේ. එස්. රවීන්ද්‍ර යන මහත්ම මහත්මීන් ඇතුළු පළාත් ආයුර්වේද කොමසාරිස්වරුන්, වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් සහභාගී