වත්මන් රජයේ ආර්ථික ප්‍රතිපත්ති සහ රාජ්‍ය ණය සම්බන්ධයෙන් පැහැදිළි කිරීම සඳහා මුදල් අමාත්‍යංශයේ (25) පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ඒ මහතා මේ බව පැවසීය. මෙරට ණය වලින් විදේශ ණය බැඳුම්කර ඇත්තේ 17%ක් පමණක් බවත් , බොහෝ මත ඉදිරිපත් කරන්නේ මේ 17% සම්බන්ධයෙන් පමණක් බවත්, ද්වී පාර්ශවික ණය, වෙනත් රටවල්වලින් ලැබුණු ණය, බැදුම්කර ණය, බිල්පත් ණය යන කිසිවක් සම්බන්ධයෙන් කිසිඳු පුද්ගලයෙක් කිසිඳු අවස්ථාවක කිසිවක් ප්‍රකාශ කර නොමැති බවත්, කිසිඳු කරුණක් සම්බන්ධයෙන් සාකච්ඡා කර නොමැති බවත්, අජිත් නිවාඩ් කබ්රාල් මහතා වැඩිදුරටත් පැවසීය.
2014 අග භාගය වන විට මෙ රටේ දළ දේශිය නිෂ්පාදනය අමෙරිකානු ඩොලර් බිලියන 79ක් සහ එම කාලයේදී විදේශ බැඳුම්කර ණය අමෙරිකානු ඩොලර් බිලියන 05ක් බැඳුම්කර ණය 6% පමණක් වූ බවත්, පසුගිය රජය සමයේදී දළ දේශීය නිෂ්පාදනය අමෙරිකානු ඩොලර් බිලියන 83ක් වන විට ගෙවිය යුතු ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 15ක් එනම් 10%ක් ඉක්මවූ වූ බවත් අමාත්‍යවරයා පැවසීය.
විදේශ ණය ලබා නොගෙන දේශීය ණය වලින් පමණක් මෙරට ආර්ථික කටයුතු කරගෙන යාමට රජය තීරණය කරනු ලැබුවේ එම නිසා බවත්, මෙ වන විට ගෙවිය යුතු ණය ප්‍රමාණයෙන් අමෙරිකානු ඩොලර් බිලියනයක් ගෙවා ඇති බවත් ඒ අනුව ගෙවිය යුතු වන්නේ ඩොලර් බිලියන 14ක් පමණක් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.