ඒ අනුව හම්බන්තොට අපනයන කලාපය ආරම්භ කිරීම සනිටුහන් කිරීම සඳහා අපනයන කලාප ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය 2020 පෙබරවාරි මස 27 වන දින උදේ 10.00 ට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් අඟුණකොළපැලැස්ස කසාගල රජමහ විහාරස්ථානයේදී පැවැත්වේ.
වර්තමානයේ දළ ජාතික නිෂ්පාදිතයට අපනයන කෘෂිකාර්මික ක්ෂේත්‍රයෙන් 2% ක් ව පවතින දායකත්වය වර්ෂ 2025 දී 4% ක් දක්වා වැඩි කිරීම හා කෘෂි ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම යන අරමුණු පෙරදැරි කරගනිමින් ඒ ඒ ප්‍රදේශයට ආවේණික හා නිර්දේශිත වූ පාරිසරික, සමාජීය හා කෘෂිකාර්මික කරුණු සැලකිල්ලට ගනිමින් ආර්ථිකමය වශයෙන් ඉහල ප්‍රතිලාභයක් ලබා ගැනීමට විභවයක් පවතින බෝග වර්ගය හඳුනා ගැනීම හා එම බෝග අදාල ප්‍රදේශය තුළ ප්‍රවර්ධනය කිරීම අපනයන කලාපයන් ස්ථාපිත කිරීමේ මූලික අරමුණ වේ.
එසේ ස්ථාපනය කරනු ලබන අපනයන කෘෂි කලාපයක් තුළ අදාල බෝගය ආශ්‍රිත නිෂ්පාදන පිරිසැකසුම්කරණය, අගය එකතු කිරීම, විකිණීම සහ අපනයනය යනාදී ක්‍රියාකාරකම් සිදුකරමින් නිෂ්පාදනයේ අගයදාමය සංවර්ධනය කිරීම සිදු කරනු ලැබේ. මෙම වැඩසටහන මඟින් ග්‍රාමීය ජනතාව ඒකරාශි කරමින් ජාතික හා ජාත්‍යන්තර වෙළඳපොළ මෙන්ම නිකේතනීය වෙළඳපොළ ඉලක්ක කොට නිෂ්පාදන සිදු කිරීම අපේක්ෂිතය.
මෙම ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාවට නැංවීම තුළින් කෘෂිකාර්මික නවෝත්පාදන හා අගය එකතු කිරීමේ නිෂ්පාදන බිහි කිරීමේ ප්‍රමුඛතාවක් ඇති කිරීමටත්, තරුණ ව්‍යවසායකයන්ට ඒ සඳහා හොඳ අවස්ථාවක් ලබා දීම හා ඔවුන් ඒ කෙරෙහි නැඹුරු කිරීමටත් අපේක්ෂා කෙරේ. එබැවින් 2030 වර්ෂය වන විට අපනයන කෘෂිකර්ම ක්ෂේත්‍රයේ අගය එකතු කළ නිෂ්පාදන 8% සිට 25% දක්වා වැඩි වීමක් සිදුවන අතර එමඟින් අපනයන ආදායම දෙගුණයක් කිරීමේ අභියෝගයට සාර්ථකව මුහුණ දීමට හැකියාව ලැබෙනු ඇත.
ඒ අනුව, අපනයන කලාප ඇති කිරීමේ ව්‍යාපෘතිය සඳහා පළාත් නවය තුළ පාරිසරික, දේශගුණික තත්ත්වයන් අනුව සුදුසු අපනයනය ඉලක්ක කර ගත් කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබු
නැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි බෝග හා ටීජේසී අඹ, මී මැසි පාලනය වැනි අපනයන ඉලක්ක කර ගත් හා ආනයනය අවම කර ගත් බෝග වගා කිරීම සිදු කෙරේ. මේ වන විටත් අනුරාධපුර, කුරුණෑගල දිස්ත්‍රික්කයන්හි වගා බිමි හා වගා කරුවන් හඳුනා ගනිමින් වගා කලාප ඇති කිරීමේ මූලික අදියරේ වැඩ කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතී. 2021 වසර අවසන් වන විට
දිස්ත්‍රික්ක 10ක කෘෂි අපනයන කලාප/ ගම්මාන 100ක් ස්ථාපිත කිරීමට අමාත්‍යාංශය තීරණය කර ඇත.