එම එන්නත් මාත්‍රා වසංගත රෝග ඒකකයේ මධ්‍යම බෙහෙත් ගබඩාව වෙත භාර දීම ඖෂධ නිෂ්පාදනය සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අතින් (25) සිදු විය.
මෙම එන්නත් මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය රු.මි 510ක් වැය කර ඇති අතර ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් එම ගෙවීම සිදුකරන ලදි. ඉදිරි සතියක කාලයක් තුළ දී ලෝක
සෞඛ්‍ය සංවිධානය විසින් ලබා දීමට නියමිත, කොවැඩ් වැඩපිළිවෙල යටතේ ලැබිය යුතු එන්නත් තොගය ලංකාවට ලැබීමට නියමිතව ඇත.
වයස අවු 18 ට වැඩි එන්නත් ලැබිය යුතු සියලුම දෙනාට එන්නත් ලබාදීමට බලාපොරොත්තු වෙයි. මෙම අවස්ථාවට ඖෂධ නිෂ්පාදනය සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන
සංස්ථාවේ සභාපති හා ඖෂධ සැපයුම් අංශයේ අධ්‍යක්ෂකවරයා ඇතුළු පිරිසක් සහභාගි විය.