පෙබරවාරි 26, 2025
tami eng youtube  twitter facebook

    කාර්මික හා තාක්ෂණික පුහුණු ශ්‍රමය සැපයීමේ කලාපීය කේන්ද්‍රය බවට ශ්‍රී ලංකාව පත්කිරීම සඳහා අවශ්‍ය පසුබිම ආරම්භ කළ යුතුයි - රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත්

    පෙබරවාරි 27, 2021

    නව ලොවට ගැලපෙන, කාර්මික හා තාක්ෂණික ක්ෂේත්‍රයේ, පුහුණු ශ්‍රමය සැපයීමේ කේන්ද්‍රය බවට ශ්‍රී ලංකාව පත්කිරීම සඳහා අවශ්‍ය පසුබිම ආරම්භ කළ යුතු බව මහවැලි කලාප ආශ්‍රිත ඇළවේලි හා ජනාවාස පොදුයටිතලපහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මහතා අවධාරණය කළේය.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පසුගියදා කොළඹ මහවැලි කේන්ද්‍රයේ පැවති, බරවාහන යන්ත්‍රෝපකරණ පුහුණුව අවසන් කළ මහවැලි කලාප වල තරුණයින් සඳහා ජාතික වෘත්තීය පුහුණු සහතිකය ප්‍රදානය කිරීම සඳහා පැවති උත්සවයේ දී ය.

    කාර්මික වෘත්තීය පුහුණුව සහිත සමාජයක් නිර්මාණය කිරීම තුළින් විදේශ විනිමය ඉපයීම අවස්ථාව උදා වන බව රාජ්‍ය අමාත්‍ය වරයා මෙහිදී කියාසිටියේය.

    වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම, සහතික පත්‍ර ප්‍රදානෝත්සවයේ දී , මහවැලි කලාප දහයට අයත් පුහුණු ලාභීන් 50 දෙනෙකු හට බරවාහන යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍රයේ NVQ හෙවත් ජාතික වෘත්තිය පුහුණු සහතිකය පිරිනමන ලදී.
    ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය හා මග නැගුම ආයතනය ඒකාබද්ධව මෙම බර යන්ත්‍රෝපකරණ පුහුණු පාඨමාලාව පවත්වනු ලැබීය.

    මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මහතා කියා සිටියේ, රැකියා වියුක්තිය හමුවේ විකල්ප ක්‍රම වේදයන්ට අවතීර්ණ වීම කාලීන අවශ්‍යතාවක් බවයි.
    වැඩිදුරටත් අදහස් දැක්වූ සිරිපාල ගමලත් මහතා.


    " දේශපාලනඥයින් විදිහට අපි ගමට ගියපුවහම තියෙන ප්‍රධාන ඉල්ලීම තමයි රැකියා අවශ්‍යයි කියන එක. නමුත් බොහෝ දෙනෙකුට අවශ්‍ය සුදුසුකම නැහැ. ආර්ථික ප්‍රශ්න නිසා පාසල් අධ්‍යාපනය හැර යන පිරිස වෘත්තීය පුහුණුව සඳහා යොමුකරවන වැඩපිළිවෙළ ශක්තිමත් කළ යුතුයි. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිරන්තරයෙන් පෙන්වා දෙන්නේ සතුටින් ඉන්න පවුලක් ගොඩ නැගීමයි. රට හදන සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ යටතේ පැහැදිලිව ම, දක්වා තිබෙනවා රට පුරා කාර්මික හා තාක්ෂණික වෘත්තීය පුහුණුව සඳහා තිබෙන ඉඩ ප්‍රස්ථාව වර්ධනය කරන බව. එම ඉලක්කය සඳහා අප ගමන් කළ යුතුයි.


    මහවැලි කලාප වල දක්ෂ දරුවො සිටිනවා. ඔවුන්ගේ ශ්‍රමය අපතේ යාම විශාල ඛේදවාචකයක්. ඔවුන්ට ස්වාධීනව ආර්ථිකය, ගොඩ නගා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රවේශය ලබා දීම රජයක් ලෙස අපගේ වගකීමක්. වාරිමාර්ග අමාත්‍ය වරයා ලෙස චමල් රාජපක්ෂ මහතා ගේ මග පෙන්වීම යටතේ මහවැලි කලාප වල ජනතාව ගේ ආර්ථික තත්ත්වය වැඩිදියුණු කිරීමට සැලසුම් සකස් කර තිබෙනවා. චමල් රාජපක්ෂ අමාත්‍ය වරයා පරිනත, අත්දැකීම් සහිත දේශපාලනඥයෙක් ලෙස මහවැලි කලාප වල ජනතාව ගේ ජීවන තත්ත්වය ඉහළ දැමීම කෙරෙති පුළුල් සංවේදී භාවයකින් කටයුතු කිරීම විශාල සතුටක්. "
    යැයිද සිරිපාල ගමලත් මහතා සඳහන් කළේ ය.

    මෙම අවස්ථාවට මහවැලි කලාප ආශ්‍රිත ඇළවේලි හා ජනාවාස පොදුයටිතලපහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ඉංජිනේරු ඩබ්ලිව් බී පළුගස්වැව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කීර්ති බී කොටගම, මහවැලි අධිකාරියේ ආයතන සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ මහේන්ද්‍ර අබේගුණවර්ධන යන මහත්වරු සහ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මෙන්ම මග නැගුම ආයතනයේ නිලධාරීන් සහභාගී වී සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya