නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ව්‍යාපෘති ගැටලු පිළිබඳව මුදල් අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවේ දී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී අග්‍රාමාත්‍යතුමා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ හා දැනට ආරම්භ වී තිබෙන සංවර්ධන ව්‍යාපෘති වල ප්‍රගතිය සමාලෝචනය කළේය.
සංවර්ධන ව්‍යාපෘති රැසක් පසුගිය ආණ්ඩුවේ වසර පහක කාලය තුළ දී අතහැර දමා ඇතිබව නිලධාරින් පිරිසක් අග්‍රාමාත්‍යතුමා දැනුවත් කළහ.
එසේ ක්‍රියාත්මක නොවී අතහැර දමා ඇති ව්‍යාපෘති රැසක් නැවත ආරම්භ කරන්නැයි අග්‍රාමාත්‍යතුමා මෙහි දී උපදෙස් දුන්නේය.
නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු සම්බන්ධයෙන් ද මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.
සියලුම ව්‍යාපෘති සඳහා නාගරික සංවර්ධන අධිකාරිය උපයන ආදායම් වලට අමතරව මහා භාණ්ඩාගාරයෙන් ද අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කරන්නැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.
මෙම අවස්ථාව සඳහා මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, මුදල්
අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති යූ.ඩී. හර්ෂාන් ද සිල්වා, ශ්‍රී ලංකා ඉඩම්
සංවර්ධනය කිරීමේ සංස්ථා සභාපති මේජර් ජෙනරාල් එම්.ආර්. සොයිසා මහත්වරුන් සහ කොළඹ මහ නගර සභා නාගරික කොමසාරිස් රොෂානි දිසානායක මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන්
රැසක් එක්ව සිටියහ.