පෙබරවාරි 26, 2025
tami eng youtube  twitter facebook

    ජාතික ආරක්‍ෂක උපදේශක ත්‍රෛයිපාර්ශික ස්ථීර ලේකම් කාර්යාලයක් නාවික හමුදා මූලස්ථානය තුළ ස්ථාපිත කෙරේ

    මාර්තු 02, 2021

     ජාතික ආරක්‍ෂක උපදේශක ත්‍රෛයිපාර්ශික ස්ථීර ලේකම් කාර්යාලයක් නාවික හමුදා මූලස්ථානය තුළ ස්ථාපිත කෙරේ


    සමුද්‍රීය ආරක්‍ෂක සහයෝගිතාවය උදෙසා ජාතික ආරක්‍ෂක උපදේශකත්වය පිළිබඳ ඉංදියාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයින යන රාජ්‍යයන් ත්‍රිත්වයේ එකතුවෙන් ත්‍රෛයිපාර්ශික ස්ථීර ලේකම් කාර්යාලයක් නාවික හමුදා මූලස්ථානය තුළ ස්ථාපිත කිරීම (2021 මාර්තු 01) ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.


    ඉංදියාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයිනෙහි ජාතික ආරක්‍ෂක උපදේශකයින්ගේ සහභාගීත්වයෙන් 2020 නොවැම්බර් මස 28 වන දින කොළඹ දී පවත්වන ලද සම්‍රද්‍රීය ආරක්‍ෂක සහයෝගීතාවය පිළිබඳ 4 වන ජාතික ආරක්‍ෂක උපදේශක ත්‍රෛයිපාර්ශික සමුළුවේදී ඇති වූ එකඟතාවයක් මත මෙම ස්ථීර ලේකම් කාර්යාලය නාවික හමුදා මූලස්ථානය තුළ අද දින ස්ථාපිත කෙරිණි.

    ඒ අනුව, ඇතිකරගත් සමුද්‍රීය සහයෝගීතාවය තුලින් කලාපීය සමුද්‍රීය කටයුතු පිළිබඳ දැනුවත්වීම, මානුෂීය ආධාර හා ආපදා සහන සැලසීම, ඒකාබද්ධ අභ්‍යාස සහ පුහුණු කටයුතු සහ ශක්‍යතාවයන් වැඩිදියුණු කිරීම තවදුරටත් සහයෝගීත්වයෙන් යුතුව සිදු කිරීම අපේක්‍ෂා කෙරේ. තවද, සාගරික ආරක්‍ෂාව සහ තර්ජනයන්, සාගරික දූෂණය හා තෙල් කාන්දුවීම් සඳහා ප්‍රතිචාර දැක්වීම, සාගරික හා දියයට උරුමයන්, සාගරික නීතිමය ප්‍රතිපාදන සහ කොවිඩ් 19 පිටුදැකීම සඳහා ප්‍රතිචාර දැක්වීම ආදි කටයුතු සහයෝගීව සිදු කිරීමට මෙම සමුද්‍රීය ආරක්‍ෂක සහයෝගීතාවය තුලින් වැඩිදුරටත් බලාපොරොත්තු වන අතර, අද දින ස්ථාපිත කරන ලද මෙම ස්ථීර ‍ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරී ලෙස අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම් පත් කෙරිණි.

    මෙම අවස්ථාව සඳහා විදේශ අමාත්‍යංශයේ ලේකම් සහ ජාතික ආරක්‍ෂක අධ්‍යන ආයතනයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් අද්මිරාල් (විශ්‍රාමික) මහාචාර්ය ජයනාත් කොළඹගේ, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රසන්න මහවිතාන, අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම්, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් විකාස් සූඩ් (Captain Vikas Sood) සහ මාලදිවයින් මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් ඉස්මයිල් නසීර් (Ismail Nasir) සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya