එසේ ආරම්භ කරන ව්‍යාපෘති සදහා රජයෙන් ලබා දෙන මුදල අනිවාර්යෙන්ම ලැබෙන බැවින් මුදල් ලැබෙන තුරු බලා නොසිට ව්‍යාපෘතින් ආරම්භ කිරිමෙන් එහි ඵලදායිතාව වැඩිවන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මහරගම ප්‍රාදේශීය සංවර්ධන කමිටුව ඉකුත් සෙනෙසුරාදා රැස් වු අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව සදහන් කෙළේය.
ප්‍රදේශයේ සංවර්ධනය සදහා රාජ්‍ය මැදිහත්වීම ලැබෙනවා. ඊට අමතරව ප්‍රදේශයේ පලාත් පාලන ආයතනවල නියෝජිතයන් ගේ හා ප්‍රදේශයේ මහජන සංවිධාන මෙන්ම ව්‍යාපාරික ප්‍රජාව ගේ දායකත්වය ලබා ගෙන නිම කල හැකි ව්‍යාපෘති මොනවද කියල අපි හඳුනා ගන්න ඕන.එහෙම හඳුනා ගන්න ව්‍යාපෘති සදහා දායකත්වය ලබා ගන්න රාජ්‍ය නිළධාරින් මැදිහත්ව කටයුතු කරන්න ඕන. ඒක රාජ්‍ය නිළධාරින් ගේ වගකීමක්. එහෙම අපට ප්‍රදේශයේ දියුණුව වෙනුවෙන් උදව් කරන්න කැමති
පිරිසක් ඉන්නවා. ඒ අය ගේ සහය ලබා ගැනීම අමතක කර රජයේ ආධාර ලැබෙන තුරු බලා සිටින නිලධාරින් ගැන අපි කණගාටු වෙනවා. යැයිද අමාත්‍යවරයා සදහන් කෙළේය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා මහරගම ප්‍රදේශය පොහොසත් ප්‍රදේශයක් බවද සදහන් කෙළේය.”පොහොසත් මහරගම ප්‍රදේශයේ සම්පත් අඩු ප්‍රදේශවලට ඒ අඩු සම්පත් ලබා දෙන්න කැමති දානපතියෝ ඉන්නවා.ඒ අයත් සම්බන්ධ කර ගෙන දේශපාලන නායකත්වයත් සමඟ නිලධාරින් කටයුතු කිරීම තුලින් ජනතා අපේකෂා ඉටු කිරීම පහසු වෙනවා. මහරගම කියන්නේ පරාර්ථකාමිත්වයේ කේන්ද්‍රස්ථානයක්. පරාර්ථකාම් සංවිධාන බොහොමයක් තිබෙන්නේ මහරගමයි. එවැනි සංවිධාන ලංකාවට හදුන්වා දුන්නේද මහරගමින් යැයි කිවොත් ඒක අතිශයෝක්තියක් නොවෙයි.මේ අකාරයේ අභිමානවත් ඉතිහාසයක් ඇති බෞද්ධ නගරයේ අභිමානය ආරකෂා කර ගනිමින් අතීතයේ මෙන් පරාර්ථකාමීව මේ ප්‍රදේශය දියුණු කරන්න වත්මන් තරුණ පරපුර ඉදිරියට පැමිණිය යුතු බවද අමත්‍යවරයා කීවේය. ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටුවේ උප සභාපති උපාලි කොඩිකාර මහතා ඇතුළු මහරගම නගර සභාවේ මන්ත්‍රිවරු සමග රජයේ නිළධාරින් විශාල පිරිසක්ද මෙම රැස්වීමට සහභාගි වී සිටියහ.