එන්නත්කරණයට දේශපාලනික බලපෑම් ඇති බවත් අතරමැදි පිරිස් පැමිණ එන්නත ලබා ගැනීම සිදු කර ඇති බවත් හඳුනාගෙන තිබුණු ලැයිස්තු වලට එන්නත්කරණය සිදු නොවී වෙනස්වීම් සිදු වූ බවත් බවටත් චෝදනා එල්ල වී ඇතැයි මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ,
මෙවැනි සිදු වීමක් මේ වන තුරු දන්වා නොමැති බවත්, මෙලෙස හැසිරෙන පුද්ගලයන්ගේ නම් ප්‍රසිද්ධියේ පවසන ලෙසත් පාර්ලිමේන්තු පරිශ්‍රයේ සිදු කළ එන්නත්කරණ වැඩසටහන යටතේ අමාත්‍යවරයාද එන්නත ලබා ගත් බවත් තවම තම පවුලේ කිසිදු සාමාජිකයෙකුට මෙම එන්නත ලබා ගැනීමට නොහැකි වූ බවත් පැවසීය .
එන්නත්කරණය ක්‍රමවේදයකට අනුව ක්‍රියාත්මක වන බවත් බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්ක වල සංවිධානාත්මකව සිදු වන අතර කොවිඩ් එන්නත් වැඩි ප්‍රමාණයක් ගෙන්වීමට ඉල්ලීම් කර ඇති අතර පළමු පන්ලක්ෂ නමදාහක එන්නත් ප්‍රමාණය අද(02) එන්නත් කර අවසන් බවත් තව ලක්ෂ පහක ප්‍රමාණයක් මෙරටට ඇවිත් තිබෙන බවත් අප්‍රේල් මාසය අග වන විට ඇනවුම් කර ඇති පළමු වටයට අවශ්‍ය කරන එන්නත් මිලියන 14ක ප්‍රමාණය ලැබෙනු ඇතැයි අමාත්‍යවරයා විශ්වාස කරන බවද වැඩි දුරටත් පැවසීය.
විදේශ සිසුන් සඳහා කොවිඩ් එන්නත ලබා දීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීමේ ක්‍රියාවලිය තුළ ප්‍රගතියක් තිබෙන බවත් කොවිඩ් මර්දන ව්‍යාපෘතිය යටතේ නොමිලේ ලක්ෂ දෙක හමාරක එන්නත් තොගයක් නුදුරේදීම ලංකාවට ලැබෙන බවත් මීට අමතරව ලක්ෂ දහයක කොවිඩ් මර්දන එන්නත් තොගයක් ඇනවුම් කර ඇති අතර එය මෙම මස මැද භාගයේදී ලංකාවට ලැබෙන බවත් අමාත්‍යවරයා පැවසීය.