රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද (02) දින පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
අධිකරණ ක්ෂේත්‍රෙය් තුන් අවුරුදු සැළැස්මක් ක්‍රියාත්මක කිරීම සහා 2021 අයවැය මගින් රුපියල් මිලියන විසි දහසක් වෙන් කරනු ලැබ ඇති අතර ශ්‍රී ලංකාවේ යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණයේ පවතින අසාමාන්‍ය ප්‍රමාදය වැළැක්වීම මෙන්ම නීතියේ ආධිපත්‍යයට කිසිඳු බලපෑමක් ඇති නොවන ආකාරයෙන් හැකි ඉක්මනින් නීතිය ඉටු කිරීම සඳහා මෙම ප්‍රතිපාදන යෙදවීමට නියමිත බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
ඒ අනුව අධිකරණ ක්ෂේත්‍රයට ප්‍රමාණවත් මානව හා භෞතික සම්පත් සැපයීම, නවීන තාක්ෂණය හඳුන්වාදීම, විකල්ප ආරවුල් නිරවුල් කිරීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම හා
අවශ්‍ය නීති ප්‍රතිසංස්කරණය කිරීම යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් වන කටයුතු සඳහා මෙම ප්‍රතිපාදන යෙදවීමට නියමිතය.