පෙබරවාරි 26, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාවේ රබර් වගාව හා ඒ ආශ්‍රිත කර්මාන්ත සංවර්ධනය සඳහා කමිටුවක්

    මාර්තු 02, 2021

    ශ්‍රී ලංකාවේ රබර් වගාව හා ඒ ආශ්‍රිත කර්මාන්ත සංවර්ධනය සඳහා කමිටුවක් පිහිටුවීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසින් කළ යෝජනාවට කැබිනට් අනුමැතිවය හිමිව ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කරයි.


    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද (02) දින පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

    ඒ අනුව ශ්‍රී ලංකාවේ රබර් ක්ෂේත්‍රෙය් අගය දාමය මනා ක්‍රියාකාරිත්වයකින් යුතුව ඉදිරියට පවත්වාගෙන යාමටත්, ප්‍රතිපත්තිමය නිර්දේශයන් රජයට ඉදිරිපත් කිරීමටත් මෙම කමිටුව පිහිටුවීමේ අරමුණු වන අතර වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුක්ත මෙම කමිටුව අනෙකුත් අදාළ අමාත්‍යංශ හා ආයතනවල නියෝජිතයන්ගෙන් සමන්විතය.

    දේශීය වශයෙන් තිබෙන රබර් ඉල්ලුම සැපිරීමටත්, ජාත්‍යන්තර වෙළඳපොලේ දේශීය රබර්වලට තිබෙන තත්වය වැඩිදියුණු කිරීමටත් මෙම කමිටුව මගින් අපේක්ෂිතය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya