අනාගත විදුලිබල ඉලක්කයන් සපුරාලීමේ අරමුණු පෙරදැරිව විදුලිබල අමාත්‍යාංශයට සමගාමීව සූර්යබල, සුළං සහ ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයක්ද නව රජය යටතේ ස්ථාපිත කෙරිණි. මෙසේ රාජ්‍ය අමාත්‍යාංශයක් ස්ථාපිත කර ඒ සදහා රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රමුඛ නිලධාරීන් අනුයුක්ත කිරිමත් සමගින් විදුලිබල අමාත්‍යාංශය පවත්වාගෙන ගිය ඉඩ පහසුකම් අවම වූ ගොඩනැගිල්ලේ ඇතිව තිබූ අපහසුතාව තවත් දැඩි විය. එහෙත් ඉහත අමාත්‍යාංශයන් සදහා වෙනම ස්ථාන දෙකක් වෙනුවෙන් විශාල මුදලක් වැයකිරීමට සිදුවීම මෙන්ම ඇතිවන්නාවූ පරිපාලනමය ගැටලුකාරී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, කිසිදු අතිරේක වියදමක් නොදරමින් විදුලිබල අමාත්‍යාංශය සහ සූර්යබල, සුළං සහ ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යන අමාත්‍යාංශයන් දෙකම කොළඹ 03, ගාලු පාරේ අංක 437 දරණ ස්ථානය වෙත රැගෙන යාමට තීරණය කර තිබේ.
මෙතෙක් විදුලිබල අමාත්‍යාංශය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ල වෙත, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ රු. 4,229,415.00ක මාසික කුලියක් මත පවත්වාගෙන යනු ලැබූ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහ කොළඹ 03 ඊ.එච්. කුරේ ගොඩනැගිල්ලෙහි රු. 550,000.00 ක මාසික කුලියක් මත පවත්වාගෙන යන ලංකා විදුලි පුද්ගලික සමාගමේ ප්‍රධාන ශාඛාවේ කොටසක් ගෙන ඒම, ආර්ථිකමය වශයෙන් මෙන්ම ආයතනික වශයෙන්ද වාසි සහගත තත්ත්වයක් වනු ඇත.
අමාත්‍යාංශ සහ අනුබද්ධිත ආයතන සියල්ල එක් පරිශ්‍රයකට ගෙනඒම තුළින් මහජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබාදීමට හැකිවන අතර එය රජයට වියදම් අවම කරගැනීමේ ක්‍රමවේදයක්ද වනු ඇත. එබැවින් එසේ අමාත්‍යාංශය සහ අනුබද්ධ ආයතන සියල්ල එකම ස්ථානයක ස්ථාපිත කළහැකි ගොඩනැගිල්ලක් ඉදිරියේදී ඉදිකිරීමට ද අපේක්ෂා කරන බව විදුලිබල අමාත්‍යාංශය පවසයි.