රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ (02) දින පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යෝජනාව සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙම යෝජනාව සාධාරණීකරනය කිරීමට රජය කිසිඳු අයුරකින් කටයුතු නොකරන බවත්, මෙම යෝජනාවට සහයෝගය දෙන සියලු දෙනා සමඟ තමන් සාකච්ඡා කර ඔවුන්ට මෙම යෝජනාවේ තිබෙන අසාධාරණ ස්වභාවය සම්බන්ධයෙන් පැහැදිළි කිරීමට කටයුතු කරන බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම අසාධාරණ යෝජනාව සම්බන්ධයෙන් අසල්වැසි ඉන්දියාව සළකා බලා නිවැරදි පාර්ශවයේ සිටිනු ඇති බවත්, මෙම යෝජනාව සම්බන්ධයෙන් මානව හිමිකම් මහලේකම්වරිය හැසිරෙන ආකාරය සම්බන්ධයෙන් තම අප්‍රසාදය පළවන බවත්, මෙම සාවද්‍ය චෝදනාව පරාජය කර සත්‍ය ජයග්‍රහනය කිරීමට හැකි බව තමන් විශ්වාස කරන බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.