ඉකුත් 27 වන දින මුලතිව් දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වු අමාත්‍යවරයා එම දිස්ත්‍රික්කයේ ධීවර සමිති සාමාජිකයන් හා ධීවර නිලධාරීන් හා හමුවු අවස්ථාවේදී මේ බව පැවසීය.
ධීවර ප්‍රජාවට සාර්ථක ජීවන වෘත්තියක් පවත්වාගෙන යාමට නම් ඔවුන්ගේ ආදායම් තත්වය නගා සිටුවිය යුතු බවත් එය සදහා කරදිය හා මිරිදිය ධීවර කර්මාන්තය පවතින නීතිරීති වලට අනුකූලව කරගෙන යාමෙන් වැඩි ආදායමක් ධීවරයන්ට ලබා ගැනීමට හැකියාව පවතින බවත් අමාත්‍යවරයා පැවසීය.
උතුරු නැගෙනහිර ධීවර කර්මාන්තය නැංවීම සදහා විදේශීය ආයෝජකයන්ගේ සහාය ලබා ගැනීමට අපේක්ෂා කරන අතර එමගින් දේශීය ධීවර කාර්මිකයන්ගේ ආදායම් තත්වය නංවාලීමට හැකියාව ඇති බවද පෙන්වා දුන් අමාත්‍යවරයා මුලතිව් දිස්ත්‍රික්කයේ ධීවර කර්මාන්තය නැංවීම සදහා රුපියල් මිලියන 100ක් වැය කිරීමට තමන් අපේක්ෂා කරන බවද පැවසීය.
එමගින් ධීවර කාර්මිකයාගේ මෙන්ම ධීවර කර්මාන්තය ආශ්‍රය කර ගනිමින් කරගෙන යනු ලබන කර්මාන්ත නැංවීමටද පියවර ගන්නා බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.