එහි ප්‍රතිකාර ලබමින් සිටින පිරිස් සදහා පවතින පහසුකම් පිළිබදව සොයා බැලීමට එක්වූ අමාත්‍යවරිය ඔවුන් සමග සුහද කතා බහකද යෙදුනි. ප්‍රතිකාර ලබමින් සිටින පිරිස අමාත්‍යවරිය වෙත සදහන් කර සිටියේ එහි පවතින පහසුකම් සහ සේවාව පිළිබදව තමන් සතුටු වන බවයි. අමාත්‍යවරිය සමග කතා බහ කල පිරිස දින 8ත් 10ත් අතර ප්‍රමාණයක් වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ ප්‍රතිකාර ලබමින් සිටින පිරිසකි. එහිදි අමාත්‍යවරිය ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා වීම සදහා අනුගමනය කල යුතු සෞඛ්‍ය උපදෙස් පිළිබදව හැකි සැමවිටම තම හිතවතුන් ඥාතීන් දැනුවත් කරන ලෙසයි.
ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සේවය කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ කටයුතු පිළිබදවද සොයා බැලූ අමාත්‍යවරිය ඔවුන්ගේ සැපදුක් විමසා බැලීමටද කටයුතු කළාය. එමෙන්ම ඔවුන් ඉටුකරනා සේවය පිළිබදව සිය කෘතවේදීත්ව පිරිනැමීමටද ඇය අමතක නොකළාය. බිංගිරිය වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පවත්වාගෙන යනු ලබන ප්‍රතිකර මධ්‍යස්ථානය භාරව කටයුතු කරනු ලබන්නේ ශ්‍රී ලංකා යුධ හමුදාවයි. එම මධ්‍යස්ථානය පිරිසිදුව පිළිවෙකට පවත්වාගෙන යාම පිළිබදව සිය ප්‍රසාදය පළකල රාජ්‍ය අමාත්‍යවරිය කොවිඩ් 19 මර්දනය සදහා යුධ හමුදාව ඇතුලු ත්‍රිවිධ හමුදාවත් පොලීසියත් සිදුකරනු ලබන කාර්ය භාරය පිළිබදව විශේෂ ස්තුතියක් මෙහිදී පළකළේය.
බිංගිරිය වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පවත්වාගෙන යනු ලබන ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඇදන් 550ක ප්‍රමාණයක් පවතින අතර මේ දක්වා ප්‍රතිකාර ලැබීමට 5211ක පිරිසක් ඇතුළත්ව සිටි අතර සුවවී නිවෙස් වෙත ගිය ප්‍රමාණය 5069කි. මෙම මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලැබූ කිසිවෙකු මරණයට පත්ව නොමැති අතර මේ වන විට 60 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටී. හලාවත මහ රෝහලේ අධීක්ෂණය යටතේ මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය පවත්වාගෙන යනු ලබයි.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, හලාවත මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල මල්ලවාරච්චි, වයඹ පළාත භාර යුද හමුදා අණදෙන නිලධාරී බ්‍රිගේඩියර් සජිත් ලියනගේ, වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පීඨාධිපති රමණි අබේනායක, මේජර් විරාජ් කුමාර, ප්‍රතිකාර මධ්‍යස්ථානය භාරව කටයුතු කරන කැප්ටන් එන්.කේ. නිරිඇල්ල යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් එක්වූහ.