රුහුණු රාජධානිය ගොඩ නැගූ යටාල තිස්ස රජු විසින් හෝ ඔහුගේ මාමා වූ අනුරාධපුර රාජධානියේ රජකම් කළ දේවානම්පියතිස්ස රජු විසින් හෝ ක්‍රිස්තු පූර්ව තුන්වන සියවස තුළදී ඉදිකරන්නට ඇතැයි විශ්වාස කෙරෙන තිස්ස වැව අක්කර 600 කට අධික ප්‍රදේශයක් පුරා විහිදී පවතින තිස්සමහාරාමයේ සාඩම්බරය ලෙස සැලකිය හැකි ඓතිහාසික වැවකි.
තිස්සමහාරාම නාගරික බලප්‍රදේශය මෙන්ම අක්කර 2000කට අධික කුඹුරු ප්‍රමාණයක් දෙකන්නයම වගා කළ හැකි පරිදි අවශ්‍ය පානීය සහ වාරි ජලය සපුරා ගැනීම උදෙසා තිස්ස වැව නිර්මාණය ඇති අතර මේ වනවිට රොන් මඩ සහ අපද්‍රව්‍යවලින් පිරී පවතින නිසා ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව සිටී.
වැව ආශ්රිත සියලු පරිසර සාධක ආරක්ෂා කරමින් වැවේ සුන්දරත්වය වැඩිදියුණු කරමින් ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකළ යුතු ආකාරය පිළිබඳව එහිදී අමාත්‍යවරයා බලධාරීන් දැනුවත් කළේය.
මේ අවස්ථාවට තිස්සමහාරාම ප්‍රාදේශීය සභා සභාපතිතුමා ඇතුළු මහජන සහ රාජ්‍ය නියෝජිතයන් ද සහභාගී විය.