පෙබරවාරි 26, 2025
tami eng youtube  twitter facebook

    ජලජීවි වගාව දිරිගැන්වීමේ මහාපරිමාණ ව්‍යාපෘතියක් වඩමාරච්චිහි දි ආරම්භ කරයි

    මාර්තු 04, 2021

    කලපු සංරක්ෂණ හා සංවර්ධන ව්‍යාපෘතිය යටතේ වඩමාරච්චි මන්ඩන් කලපුවට ඉස්සන් පැටවුන් නිදහස් කිරීමේ ව්‍යාපෘතිය ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා විසින් 03 වන දින
    සිදු කරන ලදී.

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ සංකල්පයකට අනුව වඩමාරච්චි මන්ඩන් කලපුවට ඉස්සන් පැටවුන් ලක්ෂ 40 ක් මුදාහැරීම සිදු විය.

     

    මෙම ව්‍යාපෘතිය මගින් කලපු ආශ්‍රිත රැකියාවේ නියුතු පවුල් 200 කට පමණ ජනතාවගේ ආර්ථික තත්ත්වය සුබදායක වනු ඇතැයි අමාත්‍යවරයාගේ විශ්වාසයයි.ඩග්ලස් දේවානන්දා මහතා ධීවර අමාත්‍යාංශයේ රාජකාරි ආරම්භ කිරීමත් සමග උතුරු පළාතේ ජලාශ වලට මත්ස්‍ය පැටවුන් හා ඉස්සන් තැන්පත් කිරීම හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාවගේ ආර්ථික තත්ත්වය ඉහළ නැග ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya