වැටුප් හා සේවක කොමිෂන් සභාව වෙත මෙහි අත්‍යවශ්‍යතාවය දැනුම් දී එහි නිර්දේශ කඩිනමින් ලබාගෙන, බන්ධනාගාර නිලධාරීන් කලක් තිස්සේ බලාපොරොත්තු වන වැටුප් වැඩිකිරීමේ ක්‍රියාවලිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගැනීමට අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා එකඟ වී ඇති අතර බන්ධනාගාර කළමනාකාර හා සිරකරුවන් පුනුරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ප්‍රකාශ කර ඇත්තේ බන්ධනාගාර නිලධාරීන් සඳහා වූ වැටුප් වැඩිකිරීමේ ක්‍රියාවලිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට එතුමා කටයුතු කරන බවයි.
මෙම අවස්ථාවට අධිකරණ අමාත්‍යාංශ ලේකම් එම්.එම්.පී.කේ.මයාදුන්න, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය, බන්ධනාගාර කොමසාරිස් තුසිත ඉන්ද්‍රජිත් උඩුවර, බන්ධනාගාර කොමසාරිස් (පාලන) හා බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා ඇතුලු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වී ඇත.