“බලශක්ති සුරක්ෂිතතාව” යන තේමාව යටතේ සූම් විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති මෙම සමුළුව සඳහා ඕස්ට්‍රේලියාවේ බලශක්ති හා කාබන් විමෝචන අවම කිරීමේ අමාත්‍ය ඇන්ගස් ටේලර්, ඉන්දීය ඛනිජ සම්පත් හා ස්වාභාවික වායු හා වානේ අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන්, ඉන්දුනීසියාවේ බලශක්ති හා ඛනිජ සම්පත් අමාත්‍ය අරිෆින් තස්රිෆ් යන මහත්ම මහත්මීන් මෙන්ම බලශක්ති ක්ෂෙත්‍රයේ මෙහෙයුම්කරුවන්, තාක්ෂණවේදීන්, මුල්‍ය සැපයුම් කරුවන් සහ ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගි විය.
කෙටිකාලීනව ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්‍ෂිතතාවය සහතික කරමින් 2030 වන විට රටේ බලශක්ති අවශ්‍යතාවෙන් 70% පුනර්ජනනීය බලශක්තිය යොදාගෙන නිපදවිමේ ඉලක්කය සාක්ෂාත් කරගැනිමේ ද්විත්ව අභියෝග පිළිබඳව අමාත්‍යවරයා මෙහිදි සඳහන් කලේය. එමෙන්ම ශ්‍රි ලංකාව බලශක්ති කේන්ද්‍රයක් බවට පත් කිරිම සඳහා ඇති භූ ගෝලිය වාසිය මෙන්ම සම්ප්‍රදායික හා පුනර්ජනනීය ප්‍රභවයන් ඒකාබද්ධ කරමින් ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචනයක් සහිත සංයුක්ත බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රි ලංකාවට ඇති විභවය පිලිබඳවද අමාත්‍යවරයා සමුළුව අමතමින් අදහස් දැක්වීය.