ලක්ෂපාන බලාගාරය සහ ජලාශය ආශ්‍රිතව ලංකා විදුලිබල මණ්ඩලය සත ඉඩම්වල ජීවත්වන අනවසර පදිංචිකරුවන්ගේ ඉඩම් ගැටළුව සම්බන්ධයෙන් ලබාදිය හැකි විසදුම් පිළිබදව පසුගියදා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා ප්‍රමුඛ මිනින්දෝරු දෙපාර්තමේන්තුව, ලංකා විදුලිබල මණ්ඩලය, බලාගාර නිළධාරීන් සහ අදාළ පදිංචිකරුවන් සමග විදුලිබල අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති විශේෂ සාකච්ඡාවකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකරන ලදී.
ලක්ෂපාන බලාගාරය ඉදිකරන අවස්ථාවේ සිය පාරම්පරික ඉඩම් හිමිකම් අහිමිවූවන් වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලිපුර ගම්මානය ඉදිකර ඔවුන් පදිංචි කර තිබේ. මේ වනවිට බලාගාරය හා ජලාශය අවට මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මැනුම් කටයුතු වලට අනුව රක්ෂිත ප්‍රදේශයන්ගේද වාසස්ථාන ඉදිකිරීම් සිදුවී ඇති බවත්, එයින් සමහරක් ඉදිකිරීම් හේතුවෙන් ජලාශයට මෙන්ම බලාගාරයට යම් යම් බලපෑම් ඇතිවිය හැකි බවත් කරුණු අනාවරණය වී තිබේ. එබැවින් එවැනි ස්ථානයන්හි සංවර්ධන කටයුතු සිදු නොකළයුතු බව, මෙම සාකච්ඡාවට සහභාගී වූ ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් අදහස් දක්වන ලදී.
ඒ අනුව එම අනවසර ඉදිකිරීම් පිළිබදව කඩිනම් අධ්‍යයනයක් සිදුකර, පවරා දියහැකි තත්ත්වයේ පවතින ඉඩම්වල හිමිකාරීත්වය එම ඉදිකිරීම් හිමිකරුවන් වෙත ලබාදීමට පියවර ගන්නා ලෙස විදුලිබල අමාත්‍යතුමන් විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදුන් අතර මාස 03 ක් ඇතුළත අදාළ මැනුම් කටයුතු සිදුකර තමා වෙත වාර්තාවක් ලබාදෙන ලෙස මිනින්දෝරු දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත දැනුම්දෙන ලදී. එසේම ලක්ෂපාන බලාගාරය ඉදිකිරීම හේතුවෙන් සිය පාරම්පරික ඉඩම් හිමිකාරීත්වය අහිමිවූ මෙම ජනතාව වෙනුවෙන් ඉදිකළ විදුලිපුර ගම්මානය සංවර්ධනය කිරීමට පියවර ගතයුතු බවත් අමාත්‍යවරයා පැවසීය.
මෙම අවස්ථාවට සහභාගී වූ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පවසා සිටියේ, වසර 80 කට අධික කාලයක් තිස්සේ විදුලිබල මණ්ඩලය සතු ඉඩම්වල ජීවත්වූ මෙම ජනතතාව වෙනුවෙන් විශේෂ අවධානයක් යොමුකර, ලබාදිය හැකි මට්ටමේ පවතින ඉඩම් ඔවුන් වෙත පවරාදීමට කටයුතු කරන ලෙසත්, ඒ වෙනුවෙන් යම් ගෙවීමක් සිදුකළ යුතුනම්, එය දන්වන ලෙසත්ය