හින්දු බැතිමතුන්ගේ විශේෂ මංගල්‍යයක් වන මහා ශිවරාත‍්‍රී දිනය මෙවර 2021 මාර්තු මස 11 දිනට යෙදී ඇත.
මහා ශීවරාත‍්‍රි දින උපවාස උත්සවය හින්දු කෝවිල්වල හොඳින් සංවිධානය කිරීම සඳහා දිරිමත් කරන්නැයි ද අග‍්‍රාමාත්‍යතුමා හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.
ඒ අනුව, ශ‍්‍රී ලංකාවේ හින්දු බැතිමතුන් බහුතරයක් වෙසෙන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කේන්ද්‍රකර කරමින් විශේෂ හින්දු ආගමික වතාවත් සංවිධානය වනු ඇත.
උත්කර්ෂවත්ව
එහිදී හින්දු ආගමික දරුවන්ට කෝවිල්වල දී මහා ශිවරාත‍්‍රි උපවාසයේ මහිමය අවබෝධ කරවීම සහ හින්දු දහම් පාසැල් සිසුන්ගේ භක්තිමත් කලා උත්සව සංවිධානය කිරීමට නියමිතය.
හින්දු බැතිමත්හු මෙදින මහා ශීවරාත‍්‍රි දින උපවාස උත්සවය භක්තිමත් ලෙස වන්දනාමාන කරමින් ශිව දෙවි කරුණාවේ ආලෝකය සියලු තැන්හි පැතිරවීම උදෙසා නමස්කාරයේ යෙදෙති.
මෙම හින්දු ආගමික වතාවත් මනා ලෙස පෙළගැස්සවීම උදෙසා හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ඔස්සේ තෝරාගත් කෝවිල්වලට අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි මූල්‍යාධාර සපයනු ලැබේ.