පෙබරවාරි 26, 2025
tami eng youtube  twitter facebook

    'සූරියවැව' ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ

    මාර්තු 05, 2021

    ''වාරි සෞභාග්‍යා ''වැඩසටහන යටතේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ තෝරාගත් 'සූරියවැව' ප්‍රතිසංස්කරණ කටයුතු (4) දින ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති කපිල නුවන් අතුකෝරල මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

    රුපියල් මිලියන 27 ක මුදලක් මේ සඳහා ප්‍රතිපාදන ලෙස වෙන් කර ඇත.

    "මෙම වැව ප්‍රතිසංස්කරණය හරහා අක්කර අඩි 1200 ක ජල ධාරිතාවක් රඳවා තියාගන්න පුළුවන්. දැනට කෘෂිකර්මාන්තයේ යෙදෙන ප්‍රදේශයට අමතරව අක්කර 350 ක් පෝෂණය කරන්න පුළුවන් වගේම කන්න දෙකම ගොවිතැන් කටයුතු කරන්නත් අවස්ථාව සැලසෙනවා.

    අතිගරු ජනාධිපතිතුමන් සමඟ මෙම රජය කෘෂිකර්මාන්තය වැඩි දියුණු කිරීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඒ අතරින් වාරි සෞභාග්‍යා වැඩසටහන ප්‍රධාන තැනක් ගන්නවා. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ වැව් 99 ක් මේ සඳහා තෝරාගෙන තිබෙනවා. මෙයින් ගොවීන්ගේ ජල ගැටළුවට විසඳුම් ලැබෙනවා. ඒ හරහා ඔවුන්ගේ ආර්ථිකය ඉහල නැංවීම මෙම වැඩසටහනේ අරමුණයි" යනුවෙන් දිස්ත්‍රික් ලේකම් හා දිසාපති සමන් දර්ශන පාඬිකෝරාල මහතා වැඩසටහන අමතා කියා සිටියේය.

    ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සංවර්ධනය සඳහා අවශ්‍ය සැලසුම් දැනටමත් සකස්කර ක්‍රියාත්මක වෙමින් පවතින බවත් සිංහල, දමිළ හා මුස්ලිම් භේදයකින් තොරව සියළුම ප්‍රදේශ ආවරණය වන පරිදි සංවර්ධන කටයුතු තමා විසින් සිදු කරන බවත් ජනතාව මේ අවස්ථාවේදී ජාතිවාදී කල්ලි දේශපාලන පක්ෂ වලට ⁣නොරැවටී අතිගරු ජනාධිපතිතුමන්ගේ රට හදන වැඩසටහන සමඟ සම්බන්ධ වෙමින් සහයෝගය ලබා දෙන ලෙසත් මෙහිදී මන්ත්‍රී කපිල නුවන් අතුකෝරල මහතා පැවසීය

    මෙම අවස්ථාවට ත්‍රිකුණාමල දිස්ත්‍රික් වාරි මාර්ග අධ්‍යක්ෂක අබ්දුල් ජබ්බාර් මහතා, කන්තලේ ප්‍රාදේශීය ලේකම් උපේක්ෂා කුමාරි මහත්මිය, ප්‍රාදේශීය වාරි මාර්ග ඉංජිනේරුවරයා සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂිකා කේ. පරමේශ්වරන් මහත්මිය ඇතුළු නිලධාරින් සම්බන්ධ වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya