අද (05) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 384 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 33 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඉතිරි පුද්ගලයින් 351 දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 78 ක් ලෙසය. ඊට අමතරව, රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 64 ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 35 ක් ලෙස වාර්තා වේ. අනෙක් ආසාදිතයින් 174 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.
අද (05) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට සහ කොළඹ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 80,950 ක් වේ. ඉන් පුද්ගලයින් 79,406 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. කොළඹ මත්ස්‍ය වෙළඳපලේ පොකුර - 77,841
අද (05) දින උදෑසන වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 84,609 ක් වන අතර ඉන් පුද්ගලයින් 80,836 ක් පූර්ණ සුවය ලබා
රෝහල්වලින් බැහැරව ගොස් ඇත. අද (05) දින උදෑසන වනවිට, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 3,284 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.
අද (05) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 399 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.
අද (05) දින උදෑසන වනවිට (පසුගිය පැය 24 තුළ) ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් ඇත. ඔවුන් උස්සපිටිය, මට්ටක්කුලිය, කොලොන්නාව, බොරලෑස්ගමුව සහ ගිරිඋල්ල යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඒ අනුව, අද (05) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 489 ක් දක්වා ඉහළ ගොස් ඇත.
අද (05) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 98 ක් තුළ පුද්ගලයින් 10,312 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි. ඊයේ (04) දිනය තුල PCR පරික්‍ෂණ 12,883 ක් සිදුකර ඇත.