මාර්තු 04 වැනි දින මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව මේ බව තහවුරු කරයි. දේශීය සහ ගෝලීය වශයෙන් වන සාර්ව ආර්ථික තත්ත්වයන් සහ අපේක්ෂිත වර්ධනයන් මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් මණ්ඩලය මෙම තීරණයට එළැඹි බව මහ බැංකුව වැඩිදුරටත් දක්වයි.
මෑතක දී පෞද්ගලික අංශයට සපයන ලද ණය මන්දගාමී වීම සහ ආර්ථිකයේ ඵලදායී අංශවලට ණය ලබා දීම ප්‍රමාණවත් නොවීම මුදල් මණ්ඩලය නිරීක්ෂණය කළ අතර දේශීය නිෂ්පාදන මත පදනම් වූ ආර්ථික ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත්වීම සඳහා සහාය වීමට මූල්‍ය පද්ධතිය මගින් ඵලදායී අංශ සඳහා සක්‍රීයව ණය ලබා දීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරිණි.
මෑතකදී ඇතැම් වෙළඳපොළ පොලී අනුපාතිකවල ඉහළ යෑම මුදල් මණ්ඩලය විසින් නිරීක්ෂණය කරන ලද අතර, අඩු උද්ධමනයක් පවතින වාතාවරණය තුළ, ආර්ථිකය තිරසාර ලෙස යථා තත්ත්වයට පත්වීමේ සලකුණු පෙන්වන තෙක් අඩු පොලී අනුපාතික ව්‍යුහය අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා වූ කැපවීම මුදල් මණ්ඩලය විසින් වැඩිදුරටත් අවධාරණය කරයි.