1986 වසරේ කැළණිය විශ්ව විද්‍යාලයෙන් විද්‍යාව පිළිබද මූලික උපාධිය ලබාගත් ගුණවර්ධන මහත්මිය කැළණිය විශ්ව විද්‍යාලයේ සත්ත්ව විද්‍යාව පිළිබද දෙපාර්තමේන්තුවේ කථිකාචාර්යවරියක ලෙස ද කලක් කටයුතු කර ඇත.
1990 වසරේදී ශ්‍රී ලංකා පරිපාලන සේවයට බැදුනු සුනේත්‍රා ගුණවර්ධන මහත්මිය බණ්ඩාරවෙළ සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය ලෙස රාජ්‍ය සේවයේ කටයුතු ආරම්භ කර ඇත. ඉන්පසු සබරගමුව පළාත් රාජ්‍ය සේවා කොමිසමේ ලේකම්වරිය ලෙසද, සබරගමුව පළාත් සෞඛ්‍ය ලේකම්වරිය ලෙසද කටයුතු කර ඇති අතර ඌව පළාත තුලද වසර 14ක් විවිධ නිලතලවල රාජකාරි කටයුතු සිදුකර ඇත.
මීට පෙර සුනේත්‍රා ගුණවර්ධන මහත්මිය බතික්, අත්යන්ත්‍ර රෙදිපිළි සහ දේශීය ඇඟලුම් නිෂ්පාදන පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය කටයුතු කර ඇති අතර ඇයට රාජ්‍ය සේවයේ වසර 31ක අත්දැකීම් පවතී.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා ඇතුලු පිරිසක් සහභාගී වූහ.