පෙබරවාරි 26, 2025
tami eng youtube  twitter facebook

    WHO කොවැක්ස් පහසුකම යටතේ පිරිනැමෙන එන්නත් තොගයෙන් 264,000ක් අද අලුයම ශ්‍රී ලංකාවට

    මාර්තු 07, 2021

    WHO කොවැක්ස් පහසුකම යටතේ පිරිනැමෙන එන්නත් තොගයෙන් 264,000ක් අද (7) අලුයම ශ්‍රී ලංකාවට ළඟාවිය

    කොවිඩ් මර්දන රාජ්‍ය ඇමති විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වෙත එන්නත් තොගය නිල වශයෙන් බාරදෙයි.

    කොවිඩ් මර්දනය සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත 20%ක එන්නත් ප්‍රමාණයෙන් කොටසක් ලෙස ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා 264,000ක් අද (07) දින අලුයම 12.15 ට එමිරේට්ස් EK 2528 දරණ විශේෂ කාගෝ ගුවන්යානයෙන් මෙරටට රැගෙන එන ලදි. යුනිසෙෆ් ආයතනය මගින් මිළදී ගනු ලැබූ එම එන්නත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම හරහා ශ්‍රී ලංකාවට ලබාදේ.

    ඒ අනුව ගෙන එනු ලැබූ එහි පළමු කොටස යුනිසෙෆ් ආයතනයේ ශ්‍රී ලංකාවේ නියෝජිත එමා බ්‍රින්ගම් මහත්මිය විසින් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වෙත කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේදී අද දින නිල වශයෙන් බාරදෙන ලදි. කොවැක්ස් පහසුකම හරහා ලැබෙන එන්නත් කොවිඩ් 19 සදහා අවදානම් ප්‍රදේශවල අවදානම් කාණ්ඩයට අයත්වන වයස අවුරුදු 60ට වැඩි ජනතාව වෙත ලබාදීමට සැලසුම් කර ඇති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් පැමිණ සිටි මාධ්‍යවේදීන් ඇතුලු පිරිස අමතා
    ප්‍රකාශ කරන ලදි.

    සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කොවැක්ස් පහසුකම අතර ඇති කරගත් ගිවිසුමේ කොටසක් ලෙස සහ නිෂ්පාදකයාගේ නිෂ්පාදන ධාරිතාව අනුව ලෝක සෞඛ්‍ය
    සංවිධානයේ හදිසි භාවිත ලයිස්තුවෙන් බලය පැවරෙන පරිදි මාත්‍රා මිලියන 1.44ක් යුනිසෙෆ් ආයතනය විසින් 2021 මැයි මස අවසානය දක්වා අදියරෙන්

    මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල්, විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, යුනිසෙෆ් ආයතනයේ නියෝජිත වෛද්‍ය සෆීනා ආර්බුල්ඩෝවා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලක්ෂ්මි සෝමතුංග, ඉංදියානු මහ කොමසාරිස් කාර්යාලයේ දෙවැනි ලේකම් බිජේන්ද්‍ර කුමාර් යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් එක්විය.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya