මෙම වැටලීමේදී බදු නොගෙවු සිගරට් 368 ක තොගයක් අත්අඩංගුවට ගන්නා ලද අතර, ඒවායේ වෙළදපොළ වටිනාකම රුපියල් විසිදහසක් (20,000/=) ඉක්මවන බව සුරාබදු නිලධාරීන් පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු මාතර පොල්හේන ප්‍රදේශයේම පදිංචි අවුරුදු 55ක පමණ අයෙක් වන අතර ඔහු 2021.03.08 වන සඳුදා දින දකුණු පළාත් වැඩබලන සහකාර සුරාබදු කොමසාරිස් චන්න වීරක්කොඩි මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
විදේශීය රටක නිෂ්පාදිත මෙම මුද්‍රා නොකැඩු, බදු නොගෙවු සිගරට් තොගයෙන් යම් ප්‍රමාණයක් මෙරට නීත්‍යානුකූල සිගරට් පැකට් තුල සගවා තිබූ අතර මේ පිලිබඳ වැඩිදුර පරික්ෂණ මාතර සුරාබදු ස්ථානයේ සුරාබදු ස්ථානාධිපති සුරාබදු පරීක්ෂක එම්.බී. විජේරත්න මහතා විසින් සිදු කරනු ලැබේ.
දකුණු පලාත් වැඩ බලන සහකාර සුරාබදු කොමසාරිස් චන්න වීරක්කොඩි මහතාගේ උපදෙස් මත මාතර වැඩ බලන සුරාබදු අධිකාරී ජගත් පෙරේරා මහතාගේ අධීක්ෂණය යටතේ මාතර සුරාබදු ස්ථානයේ ස්ථානාධිපති සුරාබදු පරීක්ෂක එම්.බී. විජේරත්න මහතාගේ මෙහෙයවීමෙන් සුරාබදු පරීක්ෂකවරුන් වන සම්පත් නයනප්‍රිය සහ බුද්ධික චමින්ද, සුරාබදු කෝප්‍රල් 710 ජයන්ත සුරාබදු නියාමකවරුන් වන 1095 විශ්ව, 1116 පූජන්ත හා සුරාබදු රියදුරු ඒකනායක යන නිලධාරින් මෙම වැටලිමට සහභාගි වුහ.