මුහුදු මඟින් සිදු වන මත් ද්‍රව්‍ය ජාවාරම ඇතුලු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, උතුරු මැද නාවික විධානය මඟින් තලෙයිමන්නාරම, ඌරුමලේ වෙරළ ප්‍රදේශයේ සිදු කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී එම වෙරළතීරය වෙත පැමිණි සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්‍ෂා කිරීමේදී එම යාත්‍රාව තුළ ධීවර දැලකින් ආවරණය කර සූක්‍ෂම ලෙස පාර්සලයක අසුරා සඟවා තිබූ අයිස් මත් ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝ 01 මිලිග්‍රෑම් 21 ක් සොයා ගන්නා ලදි. එහිදී සැකකටයුතු ඩිංගි යාත්‍රාවේ සිටි සැකකරුවන් තිදෙනෙක් (03) සහ ඩිංගි යාත්‍රාව සමඟ අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය නාවික හමුදා භාරයට ගන්නා ලද අතර, මෙම ජාවාරමට සම්බන්ධ යැයි සැක කෙරෙන තවත් සැකකරුවෙක් (01) ද එහිදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
නාවික හමුදා භාරයට ගත් මෙම අයිස් මත් ද්‍රව්‍ය ප්‍රමාණයේ විථි වටිනාකම රුපියල් මිලියන 06 ක් පමණ වෙතැයි විශ්වාස කෙරේ.
මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද සැකකරුවන් වයස අවුරුදු 23ත් 33ත් අතර වයසේ පසුවන ඌරුමලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, නාවික හමුදා භාරයට ගත් මත්ද්‍රව්‍ය, සැකකරුවන් සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෙයිමන්නාරම පොලීසිය වෙත භාරදීමට කටයුතු කරන ලදි.