ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා අවසන් වාර්තා ජනාධිපති නීති අධ්‍යක්ෂජෙනරාල් ජ්‍යේෂ්ඨ නීතීඥ හරිගුප්තා රෝහනධීර මහතා විසින් කථානායකවරයා වෙත භාරදුන් අතර එම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාද සහභාගී විය.
මෙලෙස භාරදුන් එක් වාර්තාවක් වූයේ 2015 ජනවාරි මස 08 වැනි දින ආරම්භ වී 2019 නොවැම්බර් මස 16 වැනි දින අවසන් වූ කාලසීමාව තුළ නිලතල දැරූ රජයේ නිලධරයන්, රාජ්‍ය සංස්ථා, සේවකයන්, සන්නද්ධ හමුදාවන්හි සහ පොලිස් සේවයේ සාමාජිකයන්ට සිදුව ඇතැයි කියන දේශපාලන පලිගැනීම් පිළිබඳව පරීක්ෂාකර තොරතුරු ලබාගැනීම සඳහා වන
ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාවය.
එය වෙලුම් 3කින් සමන්විතය. දෙවැන් වාර්තාව වූයේ 2015 ජනවාරි 15 වැනි දින සිට දෙසැම්බර් 31 වනදා දක්වා කාලය තුළ රජයේ ආයතන වල සිදුව ඇතැයි සැලකෙන දූෂණ වංචා සොයාබැලීමේ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාවය.