පෙබරවාරි 26, 2025
tami eng youtube  twitter facebook

    ඉදිරියේ දී සෑම දිස්ත්‍රික්කයක් ම ආවරණය වන පරිදි කොවිඩ්-19 එන්නත ලබාදීමට පියවර - අවුරුදු 30ට වැඩි සියලුම පුරවැසියන්ටත් එන්නත ලැබෙයි

    මාර්තු 08, 2021

    අවුරුදු 30ට වැඩි සියලුම පුරවැසියන්ට කොවිඩ් එන්නත ලබාදීමට බලාපොරොත්තු වන බව සෞ⁣ඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේය.

     

    ඔහු මේ බව පැවසුවේ, ලෝක ග්ලෝකෝමා සතිය වෙනුවෙන් අද දින (08) කොළඹ ජාතික අක්ෂි රෝහලේ පැවති මාධ්‍ය සම්මන්ත්‍රණයේ දී අදහස් දක්වමිනි.

    දැනට හත් ලක්ෂ විසි දහස ඉක්මවූ ප්‍රමාණයකට එන්නත ලබාදී ඇති බවද, ඊයේ දිනයේදී ද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දෙලක්ෂ පනස්දහස ඉක්මවූ එන්නත් ප්‍රමාණයක් කොවැක්ස් පහසුකම යටතේ අප රටට ලැබුණු බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේය.

    ලංකාවේ වැඩිම රෝගීන් ප්‍රමාණයක් සිටින්නේ වයස අවුරුදු 30 ත් 60ත් අතරේ පසුවන්නන් බවද, රෝගය ප්‍රධාන වශයෙන් පතුරවන පිරිස වන්නේ ඔවුන් වන අතර 60ට වැඩි පිරිසෙහි රෝගීන් අඩු වුවද මියයන ප්‍රමාණය වැඩි බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

    රජයේ වියදමින් කොරෝනා රෝගීන් නිරෝධායනය කරන එකම රට ශ්‍රී ලංකව බව සිහිපත් කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේ, එම ක්‍රමවේදය හේතුවෙන් මෙරට කොවිඩ් රෝගය පාලනය කළ හැකිවූ බවයි. කරුණු සළකා බලමින් 30ට වැඩි පිරිස් සදහා එන්නත දීමට රජය තීරණය කළ බවද කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක වල වැඩිපුරම රෝගීන් වාර්තා වන ග්‍රාමසේවා වසම් සදහා ප්‍රමුඛතාව දීමට කටයුතු කළ අතර සෑම දිස්ත්‍රික්කයකම ඉදිරියේදී එන්නත ලබාදීමට බලාපොරොත්තු වන බවද ඔහුවැඩිදුරටත් පැවසුවේය. කොළඹ ගම්පහ දිස්ත්‍රික්කය ආවරණය කළ පසු රට අභ්‍යන්තරයට ගොස් එන්නත ලබාදීමට අපේක්ෂා කරන අතරම කිසිවෙකු බියක් සැකයක් ඇතිකරගත යුතු නොවන බවද ඔහු අවධාරණය කළේය.

    ⁣එන්නත ලබාගැනීමට පෝලිම් වල නොතෙරපෙන ලෙසද පෝලිම් වලදී 60ට වැඩි අයට ප්‍රමුඛතාව ලබාදෙන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය. එන්නත ලැබෙන ප්‍රමාණය අනූව එන්නත්කරණය සිදුකිරීමට බලාපොරොත්තු වන බව සහ එන්නත්කරණයේදී සෞඛ්‍ය කාර්යය මණ්ඩල වල කැපවීම සහ කාර්යයභාරය අගය කරන බවද පැවසුවේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya