භූමිතෙල් සහනාධාරය අවභාවිතයකින් තොරව සෘජුවම ගොවීන්ට හා ධීවරයින් ඇතුළු ඉලක්කගත ප්‍රතිලාභීන් වෙත ලබාදීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන ලෙසත් ඊට අදාළ ක්‍රමවේදයක් සකස් කරන ලෙසත් අග්‍රාමාත්‍යතුමා අදාළ නිලධාරීන්ට මෙහි දී දැනුම් දුන්නේය.
එමෙන්ම තෙල් සංස්ථාව විසින් රාජ්‍ය බැංකු වලින් ලබා ගන්නා ණය ඩොලර් වෙනුවට රුපියල් වලින් ලබා ගැනීමේ හැකියාව රාජ්‍ය බැංකු සහ මහ බැංකුව සමඟ සාකච්ඡා කරන මෙන් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාට අග්‍රාමාත්‍යතුමා උපදෙස් දුන්නේය.
මෙම අවස්ථාව සඳහා අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ සාමාජික අමාත්‍යවරුන්වන උදය ගම්මන්පිල, ඩලස් අලහප්පෙරුම, ඩග්ලස් දේවානන්දා, ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහත්වරුන් සහ මුදල් අමාත්‍යංශ ලේකම් එස් ආර් ආටිගල මහතා ඇතුළු විෂය භාර අමාත්‍යාංශවල ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියහ.