මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ කලක් ප්‍රතිසංස්කරණය නොකරන ලද වැව් වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා ගමේ ගොවි සංවිධාන වල සහභාගීත්වයෙන් ප්‍රතිසංස්කරණ කර ගොවි ජනතාවගේ වාරි කර්මාන්තය සඳහා යොදවා ගැනීමයි. මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ වැව් තුනක ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ විය.
ගලෙන්බිඳුණුවැව- ගල්කැටියාව වැව, හොරොව්පතාන ගම්මගේ වැව හා කහටගස්දිගිලිය පලිප්පතාන වැව් තුනෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ විය. මෙම ව්‍යාපෘතිය ගොවි පවුල් 1500 කට තම වාරි කටයුතු සිදු කර ගැනීමට පහසු වන අතර අක්කර 250ක පමණ භූමි ප්‍රමාණයක් අස්වැද්දීමට නියමිතය.
මේ සඳහා රු. ලක්ෂ 150 ට ආසන්න මුදලක් වැය කිරීමට නියමිතය