විදේශ රැකියා සඳහා පිටත්වීමේදී පළමු වසර දෙකකට ලියාපදිංචිය ලබාගත යුතු අතර, එම කාලය අවසන්ව, නමුත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචිය අලුත් නොකර
තවදුරටත් සේවයේ යෙදී සිටියදී සිදුවන මරණයට පත්වීම හේතුවෙන් පීඩාවට පත් යැපෙන්නන්ගේ දුක්ගැනවිලි සැලකීමට ගෙන මෙම වන්දි පිරිනමා ඇත.
කාර්යංශය මඟින් ලබාදෙන රක්ෂණය මඟින් වන්දි මුදල ලියාපදිංචි කාලය ඉක්මවා ලියාපදිංචිය අළුත් නොකර සේවයේ යෙදී සිටීම හේතුවෙන් ඔවුන්ට හිමි නොවන අතර, ලියාපදිංචි කාලය
තුල වුවද, සියදිවි නසාගැනීමට ක්‍රියාකරන අය වෙනුවෙන් වන්දි හිමි නොවේ.එවැනි ඝනයේ රක්ෂණය මඟින් වන්දි හිමි නොවන අය වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂයෙන්
සළකා බලා “විගමණික සේවක සුභසාධන අරමුදල” මඟින්, යැපෙන්නන්ගේ තත්වය සලකා බලා මෙසේ වන්දි පිරිනැමේ. ලියාපදිංචි කාලය ඉක්මවා සිටියදී කොවිඩ් 19 රෝගය හේතුවෙන්
මියගිය පුද්ගලයන් දෙදෙනෙකුගේ ඥාතින්ට මෙහිදී රුපියල් ලක්ෂ 03 බැගින් වන්දි පිරිනමා ඇත.
වන්දි පිරිනැමූ අවස්ථාවට, විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් එස්. අරුමෙයිනායහම්, විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කමල්
රත්වත්තේ, සාමාන්‍යාධිකාරි විශ්‍රාමික මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ යන මහත්වරු හා වන්දිලාභින් හා එක්විය