පෙබරවාරි 26, 2025
tami eng youtube  twitter facebook

    බස්නාහිර පාසල් විවෘත කිරීමට සෞඛ්‍ය නිර්දේශ ලැබේ: පාසල් ආරම්භය මාර්තු 15 දා

    මාර්තු 09, 2021

    බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම සම්බන්ධ සෞඛ්‍ය නිර්දේශ ලැබුණු බව අධ්‍යපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද(09) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

    බස්නාහිර පළාතේ පාසල්වල 05,11 සහ 13 හැර අනෙකුත් ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අප්‍රේල 19 දා ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

    01 සිට 04 දක්වා ශ්‍රේණි සහ 06 සිට 10 දක්වා ශ්‍රේණි සහ 12 වන ශ්‍රේණියේ සිසුන්ගේ අධ්‍යයන කටයුතු එදින ආරම්භ වේ.
    බස්නාහිර පළතේ පාසල්වල 05/11 සහ 13 යන ශ්‍රේණි මෙන්ම බස්නාහිර හැර අනෙකුත් සියලු පාසල් වල සියලු ශ්‍රේණිවල අධ්‍යනය කටයුතු ලබන සඳුදා (මාර්තු 15) සිට ආරම්භ කිරීමට නියමිත වේ.

    මෙහදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
    අද අප වෙත ලැබී තිබෙනවා සෞඛ්‍ය අධ්‍යක්ෂ ‍ජනරාල්තුමාගේ ලිඛිත නිර්දේශය. ඒ අනුව ලැබී තිබෙන උපදෙස් තමයි ලබන සඳුදා එනම් මාර්තු 15වැනි දින බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කළ යුත්තේ 5, 11 සහ 13 ශ්‍රේණිවලට පමණක් බවයි. සෙසු ශ්‍රේණිවල පන්ති ආරම්භ කරන්නේ අප්‍රේල් නිවාඩුවෙන් පසුව. ඒ නිසා සෙසු ශ්‍රේණි සඳහා පාසල් අප්‍රේල් 19 ආරම්භ කරනවා.
    1වන ශ්‍රේණියේ පන්ති සඳහා සිසුන් මේ වනවිටත් පාසල්වලට ඇතුළත් කරලා තිබෙනවා. නමුත් එම පන්ති තවම ආරම්භ කර නැහැ. බස්නාහිර පළාතේ කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවලට එම පන්තිත් ඇතුලු ව අනෙකුත් සියලු ම පන්ති ඒ අනුව අප්‍රේල් 19 පැවැත්වීමට කටයුතු කරනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල පාසල් ආරම්භ කිරීම පිළිබඳ කිසිදු ගැටලුවක් නැහැ. ඒ අනුව මාර්තු 15වන දින බස්නාහිර පළාතේ හැර දිවයිනේ සෙසු ප්‍රදේශවල සියලු ම පාසල් සියලු ම ශ්‍රේණි සඳහා විවෘත කෙරෙනවා. යනුවෙන් ද පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya