පෙබරවාරි 26, 2025
tami eng youtube  twitter facebook

    "වාරි සෞභාග්‍යයා" රාන් කටු වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹෙයි

    මාර්තු 09, 2021

    ග්‍රාමීය වැව් අමුණු හා වාරි ඇල මාර්ග 5000 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික මෙහෙයුම වූ "වාරි සෞභාග්‍යයා" කඩිනම් වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි රාන් කටු වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු පසුගියදා ඇරඹිණි.

    රුපියල් මිලියන 8.7 ක ආයෝජනයකින් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට නියමිත අතර වැවේ ජල ධාරිතාවය ඉහළ දැමීම මෙන්ම වැව් බැම්ම රළපනාව ආදී අංග පිළිසකර කොට වැව ආශ්‍රිත ප්‍රදේශ පාරිසරිකව හා ආර්ථිකමය වටිනාකමක් සහිතව මාස තුනක් ඇතුළත සංවර්ධනය කිරීමට මෙම මුදල් වෙන් කෙරේ.

    අහස් දියෙන් පෝෂණය වන රාන් කටු වැව මඟින් කුඹුරු අක්කර 25 ක්ද උස්සාන වාරි ක්‍රම යටතේ වාරි බිම් අක්කර 100 ක්ද වගා කිරීමේ ඉඩකඩ ඇතුළුව ගොඩ හා මඩ ගොවිතැනේ නිරත දෙයියන්දර වසමේ පවුල් 200 කට අධික සංඛ්‍යාවකට සෘජු ප්‍රතිලාභ සැලසේ. එමෙන්ම ඉහළ ජල ධාරිතවයක් රඳවා තබා ගැනීමට හැකි වීමෙන් දුෂ්කරතාවයකින් තොරව දෙකන්නයම වගා කිරීමට ගොවීන්ට ඉඩකඩ සැලසේ.

    මෙම අවස්ථාවට දෙයියන්දර සුගත දර්ශන විහාරාධිපති පූජ්‍යපාද ශ්‍රාස්ත්‍රවේදී පණ්ඩිත හුලංකන්දේ උපාලි ස්වාමින්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතා ප්‍රමුඛ මහජන නියෝජිතයන් ද හම්බන්තොට දිසාපති, පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂ ඇතුළු රාජ්‍ය නිලධාරීන් සමග ගොවි සංවිධාන නියෝජිතයන් රැසක් ද සහභාගී වී සිටියහ.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya