ඉදිරි දින කිහිපය තුළ වන අලි කළමනාකරණ රක්ෂිතය සම්බන්ධයෙන් ගැසට් නිවේදනය නිකුත් කර රක්ෂිත කලාපය ප්‍රකාශයට පත්කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේය.
ඔහු මේ බව පැවසුවේ අද දින (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු විසින් තවමත් වන අලි රක්ෂිතය ගැසට් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් ක්‍රියාත්මක නොවීම පිළිබදව යොමුකළ පැනයකට පිළිතුරු වශයෙනි.
මීට සති දෙකකට පෙර වන අලි රක්ෂිතය ගැසට් කිරීමේ තීන්දුව කැබිනට් මණ්ඩලයේදී අනුමත වුණු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.