සහල් තොග සඟවා තබා ගනිමින් සහල් හිගයක් ඇති කිරීමට උත්සාහ දරන්නේ නම් ආරක්ෂිත තොගයක් ආනයනය කිරීමට බලාපොරොත්තු වන බවද අවධාරණය කළේය. අද(09) පාර්ලිමේන්තුවේ දී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අමාත්‍යවරයා වෙත යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ භාවිතා වන ටැක්ටර් වැනි වාහන සඳහා අවශ්‍ය ටයර් වෙළෙඳපොළ හිගයක් ඇතැයි කරන චෝදනාව සම්බන්ධයෙන් ද සොයා බලා ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
තීරු බදු රහිතව ගම්බිරිස් අපනයනය කර දේශීය ගොවියාට වැඩි මුදලක් ලබා දීම සම්බන්ධයෙන්ද අවශ්‍ය කටයුතු කරමින් සිටින බවද අමාතයවරයා කීය. ගම්බිරිස් අපනයනය සඳහා ශ්‍රී ලංකා අපනයන මණ්ඩලය විශේෂ ක්‍රියාමාර්ග ගනිමින් සිටින් බව පැවසූ අමාත්‍යවරයා ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ගොවියාගේ පැත්ත ගනිමින් ගම්බිරිස් කිලෝවක් සඳහා රු 600ත් 700ත් අතර මුදලක් ලබා රජය කටයුතු කළ බව ද කීය.
පසුගිය සමයේ ගම්බිරිස් ගොවියාට ලැබෙන මිල විශාල වශයෙන් කඩා වැටුණු බවත් ගම්බිරිස් විකුණා ගත නොහැකි තත්වයට එම ගොවියා පත් වූ බවද අමාත්‍යවරයා කීය.
පසුගිය රජය යටතේ විශාල ලෙස ගම්බිරිස් ආනයනය කළ බවත් මෙරට ගම්බිරිස් පිළිබඳව විදේශ වෙළෙඳපොළේ පැවති කීර්තිනාමය කඩා වැටුණු බවත් පැවසූ අමාත්‍යවරයා අපට අහිමි වූ විදේශ වෙළෙඳපොළ නැවත දිනා ගැනීම සඳහා මේ වන විටත් සාකච්ඡා කෙරෙමින් පවතින බවත් පැවසීය.
මහ බැංකුවේ ලියාපදිංචි ප්‍රාථමික ගැනුම්කාර සමාගමක් ලෙස හඳුන්වාදෙමින් ක්‍රියාත්මක වූ එන්ට්‍රස්ට් සෙකියුරිටීස් හරහා ආයෝජනය කෙරුණු සීමාසහිත නැගෙනහිර හේවාගම් කෝරළයේ සමූපාකාර සමිතියේ තැන්පත්කරුවන් 60,000 කට අධික පිරිසකගේ සඳහා තැන්පත් මුදල නැවත ලබා දීමේ වගකීම ආණ්ඩුවක් වශයෙන් භාර ගන්නා බවද වෙළෙඳ අමාත්‍ය වරයා අද පාර්ලිමේන්තුවේදී කීය.