පරිසර අමාත්‍යාංශයේ වායු සම්පත් කළමණාකරණ හා ඕසෝන් වියන සුරැකීම් ඒකකය විසින් ඕසොන් වියන රැක ගැනීම සඳහා වන හරිත තාක්ෂණය හඳුන්දීමේ දීමේ වැඩ සටහනක් හඳුන්වා දී තිබේ.
ඒ අනුව දිවයිනේ තාක්ෂණික විද්‍යාල සඳහා වායුසමීකරණ හා ශීතකරණ පාඨමාලා හදාරණ සිසුන්ට උපකාරී වන CFC තොර නව උපකරණ කට්ටල නොමිලයේ ලබා දීම සිදු කෙරේ . මෙම වැඩ සටහන යටතේ ඉදිරි වසර දෙක තුළ රුපියල් මිලියන 200ක CFC තොර නව උපකරණ කට්ටල මෙරට තාක්ෂණික විද්‍යාල වෙත ලබා දීමට වායු සම්පත් කළමණාකරණ හා විය සුරැකීම් ඒකකය විසින් කටයුතු යොදා ඇත.
කොළඹ මරදාන තාක්ෂණික විද්‍යාලයට හරිත තාක්ෂණය හඳුන්වා දීම සඳහා වන CFC තොර නව උපකරණ කට්ටල පිරිනැමීම අද දින (09) පෙරවරුවේ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිනි. මෙම අවස්ථාවට පරිසර අමාත්‍යාංශයේ වායු සම්පත් කළමණාකරණ හා ඕසොන් ඒකකයේ අධ්‍යක්ෂ සුගත් මහින්දකීර්ති මහතා හා මරදාන තාක්ෂණික විද්‍යාලයේ අධ්‍යක්ෂ ජනරාල් පුෂ්පා මළලසේකර මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි වුහ. මෙහිදී අමාත්‍යවරයා විසින් රුපියල් මිලියන 02ක් වටිනා උපකරණ කට්ටල මරදාන තාක්ෂණික විද්‍යාලයට පිරිනමනු ලැබීය.
මෙහිදී අදහස් පළ කළ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඕසොන් වියන රැකගැනීම සඳහා මොන්ට්‍රියල් සම්මුතියට අනුව 2045 දක්වා ක්‍රියාත්මක වැඩ සැළැස්මක් පරිසර අමාත්‍යාංශය සතුව පවතින බව කීය. එමෙන්ම සමස්ත ලෝකයම 2080 වන විට ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන්වලින් (CFC) තොරවීම සඳහා කටයුතු කරමින් සිටින බව අවධාරණය කළේය.
ඕසොන් වියන රැකගැනීමට නම් අප කළ යුත්තේ වායු ගෝලයේ අඩංගු කාබන් ප්‍රමාණය අවම කර ගැනීමයි. වත්මන් රජය විසින් සෞභාග්‍ය යේ දැක්ම යටතේ 2025 වනවිට මෙරට වනගහණය සියයට 30ක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කළ යුතුය.
පරිසර අමාත්‍යාංශය විසින් අරඹන ලද හුස්ම දෙන තුරු රුක් රෝපණ වැඩ සටහන අනුව යමින් මේ වනවිට සියලුම රාජ්‍ය හා පුද්ගලික ආයතන රුක්රෝපණ වැඩ සටහන් ආරම්භ කිරීම සතුටක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. එමෙන්ම සෑම අමාත්‍යාංශයක්ම විසින් රුක් රෝපණ වැඩ සටහන් අරඹන ලෙසත්, පාරිසරික වැඩ සටහන්වලට වැඩි දායකත්වයක් ලබා දෙන ලෙසත් අතිගරු ජනාධීපතිතුමා සියලු අමාත්‍යාංශවලට දැනුම් දී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.