පෙබරවාරි 26, 2025
tami eng youtube  twitter facebook

    නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ‍රැගෙන ඒමට උත්සාහ කළ වියළි කහ තොගයක් අත්අඩංගුවට

    මාර්තු 10, 2021

    ශ්‍රී ලංකා නාවික හමුදාව පුත්තලම, සෙරක්කුලිය වෙරළ තීරයේපසුගිය දින සිදුකළ විශේෂ ‍සෝදිසි මෙහෙයුමක් මගින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියළි කහ කිලෝග්‍රෑම් 670 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 03ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

    මුහුදු මාර්ග ඔස්සේ සිදු කරනු ලබන නීති විරෝධී ජාවාරම් මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, වයඹ නාවික විධානය මගින් මාර්තු 06 වන දින පුත්තලම, සෙරක්කුලිය වෙරළ තීරයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී වල්ලම් යාත්‍රා දෙකකින් නීති විරෝධි ලෙස මුහුදු මගින් රැගෙනවිත් වෙරළට ගොඩබාමින් තිබූ උර 33 ක අසුරන ලද වියලි කහ කිලෝග්‍රෑම් 670 ක පමණ ප්‍රමාණයක්, සැකකරුවන් තිදෙනෙක් (03) සහ එම වල්ලම් යාත්‍රා දෙක (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

    කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් සිදු කරන ලද මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 37ත් 52ත් අතර වයසේ පසුවන කල්පිටිය සහ පල්ලිවාසල්තුරයි යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර, නාවික හමුදා භාරයට ගන්නා ලද වියලි කහ තොගය, සැකකරුවන් සහ වල්ලම් යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya