2019 අප්‍රේල් 21 දින පාස්කු ප්‍රහාරට එල්ල වූ අතර එහිදී ජීවිත රැසක් අහිමි විය.එවකට බලයේ සිටි රජයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මේ සම්බන්ධව සොයාබැලීමට කොමිෂමක් පත් කරනු ලැබීය.
මෙම කොමිෂන් වාර්තාවේ මීට වගකිවයුතු අයට වගකීමෙන් ගැලවිය නොහැකි බව සඳහන් කර තිබෙන බවත් මෙයට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කළ යුතු බව මේ සම්බන්ධව සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා ප්‍රකාශ කළේ ය.
මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමටත්,ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් යෝජනා කරමින් මන්ත්‍රීවරයා විසින් විවාදය ආරම්භ කළේ ය.