ලොව පුරා හින්දු බැතිමතුන් සමඟ එක්වෙමින් මහා ශිව රාත්‍රී දිනය ඉමහත් භක්ත්‍යාදරයෙන් සමරන ශ්‍රී ලාංකේය හින්දු භක්තිකයන්ට සුභාශිංසන පළ කරනුයේ ඉමහත් සතුටිනි.
විවිධ ජනවර්ග සමඟ මිත්‍රශීලීව සහ එකමුතුව ජීවත්වීමේ දීර්ඝ සම්ප්‍රදායක් ශ්‍රී ලාංකේය හින්දු භක්තිකයන්ට ඇත. ඔවුන් සියලු දෙනා දැඩි අධ්‍යාත්මික හැඟීමකින් යුතුව ශිව රාත්‍රී දින උපවාසයේ යෙදී සිටිති.
මහා ශිවරාත්‍රි දින උපවාසය ඔස්සේ අධ්‍යාත්මික විමුක්තිය උදාවනු ඇතැයි හින්දු භක්තිකයින්ගේ ඉහළ විශ්වාසයයි.
හින්දු බැතිමතුන් මහා ශිව රාත්‍රි දිනයේ මෙසේ නිරාහාරව සිටීම සහ ශුද්ධ වූ චාරිත්‍ර පිළිපැදීම මඟින් අධ්‍යාත්මික ජීවිතය පොහොසත් කරයි.
අද වැනි උතුම් දිනෙක දෙවියන්ගේ අධ්‍යාත්මික ශක්තිය තමන් කෙරෙහි ලැබෙනු ඇතැයි ද හින්දු විශ්වාසයක් පවතියි.
එකිනෙකා අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ ප්‍රතිසන්ධානය තුළින් එක්සත්කම සඳහා වූ මෙම විශිෂ්ට ප්‍රයත්නයට ශිව දෙවියන්ගේ ආශිර්වාදය නිතැතින් හිමිවනු ඇති බව මාගේ විශ්වාසයයි.
මහා ශිවරාත්‍රි දින දැල්වෙන පහන් ආලෝකයෙන් ශ්‍රී ලාංකේය හින්දු භක්තිකයින්ට සෞභාග්‍යමත් අනාගතයක් උදාවීම සඳහා වූ සියලු අපේක්ෂාවන් ඉටුවේවා ! යැයි මාගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමමි.
හින්දු භක්තික ඔබ සැමට මහා ශිව රාත්‍රි දිනය අර්ථවත් හා ප්‍රීතිමත් දිනයක් වේවා !
මහින්ද රාජපක්ෂ
ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
අග්‍රාමාත්‍ය