පෙබරවාරි 26, 2025
tami eng youtube  twitter facebook

    පැයකට වී මෙට්‍රික් ටොන් 05ක් සහල් කළ හැකි ජංගම සහල් නිෂ්පාදන යන්ත්‍රයක්

    මාර්තු 11, 2021

    පැයක කාලයක් තුළ වී මෙට්‍රික් ටොන් 05ක් සහල් කළ හැකි ජංගම සහල් නිෂ්පාදන යන්ත්‍රයක් නව නිපැයුම්කරුවෙකු වන විකුම් සම්පත් දිඹුල්ගස්තැන්න මහතා කෘෂිකර්ම අමාතය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට හඳුන්වා දුන්නේ ය.

    නව නිපැයුම්කරුවකු වන දිඹුල්ගස්තැන්න මහතා හඳුන්වා දෙන මෙම නව යන්ත්‍රය මඟින් තෙත වී වියලා ගැනීමටත්,වී තම්බා ගැනීමටත් හැකි වන පරිදි නිර්මාණය කර තිබේ.එසේම අඩි 40ක බහාලුමක නව යන්ත්‍රය සවිකොට කමතටම ගොස් වී සහල් කිරීමට නව යන්ත්‍රයට හැකිය.ස්වයංක්‍රීයව වී යන්ත්‍රයට ඇතුළත් කර ගන්නා අතර, වී තැම්බීමත්, වියලා ගැනීමත්, අනතුරුව ගල් වැලි ඉවත් කළ පිරිසිදු සහල් ස්වයංක්‍රීයව නිෂ්පාදනය මෙම නව යන්ත්‍රය මඟින් සිදු කෙරේ. සමස්ථ කාර්යයයට සේවකයන් දෙදෙනෙකු ප්‍රමාණවත් වන අතර, ඉතිරි සියල්ල ස්වයංක්‍රීයව සිදු වීම නව යන්ත්‍රයේ විශේෂත්වයකි. මහා පරිමාණ හාල් මෝල් හිමියන් කිහිපදෙනෙකු මෙරට වී සහ සහල් මාෆියාවක් පවත්වා ගෙන යන අතර, ගොවියාත්, පාරිභෝගිකයාත් එම මාෆියාවෙන් රැක ගැනීමට මෙම නව යන්ත්‍රය නිර්මාණය කළ බව, මෙහි නිපැයුම්කරු විකුම් සම්පත් දිඹුල්ගස්තැන්න මහතා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට මෙහිදී ප්‍රකාශ කළේ ය.මෙම යන්ත්‍රයේ පේටන්ට් බලපත්‍රය කෘෂිකර්ම අමාත්‍යාංශයට පැවරීමට සූදානම් බව ද මෙහි නිපැයුම්කරු අමාත්‍යවරයාට ප්‍රකාශ කළේ ය.

    මෙම නව යන්ත්‍රය අවශ්‍ය ප්‍රමාණයට විශාලත්වයකින් සකස් කොට පළමු යන්ත්‍රය නිර්මාණය කිරීමට වී අලෙවි මණ්ඩලය හරහා පියවර ගැනීමට අමාත්‍යවරයා මෙහිදී උපදෙස් දුන්නේ ය.ගොවිජන සේවා මධ්‍යස්ථාන මට්ටමින් එක් යන්ත්‍රය බැගින් ලබා දී අතරමැදි මාෆියාවටත් පිළිතුරු දිය හැකි බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    ගොවියාටත්,පාරිභෝගිකයාටත් සාධාරණ මිලක් මෙම යන්ත්‍රය ප්‍රාදේශීය මට්ටමින් දිවයින පුරා ආවරණය වන ලෙස ලබා දීමෙන් හැකිවන බව නිපැයුම්කරු ප්‍රකාශ කළේ ය..

    කමතටම ගොස් පිරිසිදු සහල් නිෂ්පාදනය මෙම යන්ත්‍ර යේ ඇති විශේෂත්වයයි.මෙවැනි යන්ත්‍රයක් හඳුන්වා දුන් ප්‍රථම අවස්ථාව මෙය වන අතර, මෙය නිපදවීම සඳහා විශාල මුදලක් වැය නොවන බව ද මෙහි නිපැයුම්කරු අමාත්‍යවරුන්ට මෙහිදී කරුණු ඉදිරිපත් කළහ.මේ පිළිබඳව ඉදිරි කටයුතු කඩිනමින් සිදු කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා ලෙස වී අලෙවි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජටාල් මාන්නප්පෙරුම මහතාට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා උපදෙස් ලබා දුනි.

    මේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය ද එක්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya