දෙරටෙහි ම සුහදත්වය හා සහයෝගීතාව වර්ධනය කරගැනීම වෙනුවෙන් සාර්ථක සාකච්ඡාවක නිරත වූ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සංචාරය කළ හැකි ස්ථාන ඇතුළත් විස්තර පත්‍රිකාවක් එතුමා වෙත ලබාදී ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණයක් ඇති සුවිශේෂි ස්ථාන පිළිබඳව හැඳින්වීමක් කළේය.
ඒ සමඟම අමාත්‍යවරයා විසින් හමාඩ් සලීම් බින් කාඩ්‍රස් අල් අමෙරි මහතා ඇතුළු පවුලේ සැමට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස කළ ආරාධනය, එතුමා විසින් සුහදව පිළිගන්නා ලදි. එමෙන්ම ඩුබායි හි ෂෙයික් පවුල ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට ද එකඟත්වය පළ කරන ලදි. අනාගතයට ගැළපෙන ලෙස නවීන තාක්ෂණය ද මුසුව ඉතා කෙටි කලකින් දියුණු වූ ඩුබායි වැනි රාජ්‍යයක ඉහළ පෙළේ මෙවැනි ආයෝජකයින් ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති හා ව්‍යාපාර කටයුතු සඳහා ආයෝජනයට කැමැත්ත පලකිරීම අප ලැබූ සුවිශේෂි ජයග්‍රහණයකි.
ලාංකිකයන් සෑම අයෙක් සමගම ඉතා සුහදව කටයුතු කරන බැවින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ ශ්‍රී ලාංකිකයන් හට ඉතා හොඳ පිළිගැනීමක් ඇති බව එහිදී අදහස් දක්වමින් හමාඩ් සලීම් බින් කාඩ්‍රස් අල් අමෙරි මහතා පෙන්වා දෙන ලදි.
මෙම සාකච්ඡාව අතරතුර නාමල් රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකාවේ පාසල් දරුවන්ගේ සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා සහයෝගය දක්වන ලෙස ෂෙයික් සයිඩ් පදනමෙන් ඉල්ලීමක් කළේය.
ඒ අනුව, ලෝකයේ රටවල් ගණනාවක නියෝජිත ආයතන පිහිටුවාගෙන සෞඛ්‍ය අංශ කෙරෙහි වැඩි අවධානයක් යොමුකර ගුණාත්මක සමාජ සේවයක් සැලසීමේ අරමුණින් ක්‍රියාත්මක ෂෙයික් සයිඩ් පදනමෙන් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය ඉහළ නැංවීමට පිරිසිදු පානීය ජලය හා වැසිකිලි කැසිකිලි පහසුකම් ලබාදීමට එකගතාවය පල කරන ලදි.
මෙම අවස්ථාවට ෂෙයික් සයිඩ් පදනමේ නියෝජිතයින් පිරිසක් හා ඩුබායි හි ශ්‍රී ලංකා තානාපති මල්රාජ් ද සිල්වා මහතා ඇතුළු නියෝජිත පිරිසක් සහභාගී විය.