මාස 06 ක කාල සීමාවක් පුරාවට පැවති මෙම පුහුණු පාඨමාලව තුලින් හදිසි සහ ස්වාභාවික ආපදා තත්වයන් වලදී විපතට පත් වූවන් මුදවා ගැනීමේ හා ඔවුන්ගේ ජීවිත සහ දේපල ආරක්ෂා කිරීමේ මෙහෙයුම් සඳහා අවශ්‍ය මනා පුහුණුවක් ලබා දීම සිදු කෙරිණි.
පුහුණු කාල සීමාව තුළදී විශේෂ කුසලතා දැක්වූවන් සඳහා විශේෂ සම්මාන පිරිනැමීම මෙම අවස්ථාවේදී සිදු විය. ඒ අනුව හොඳම පුහුණුවන්නාට හිමි සම්මානය බල නැවි සීඑල්එස් ජයසිංහ නාවිකයා විසින් හිමි කර ගන්නා ලද අතර, දක්ෂතම යාත්‍රා හසුරවන්නාට හිමි සම්මානය සාමාන්‍ය නාවික පාබල වයිඑස්සී විජේසිරි දිනා ගන්නා ලදි. එමෙන්ම, දක්ෂතම ජීවිතාරක්ෂකයාට හිමි සම්මානය බල නැවි එස්පීඩීඒඑස් මිගාර විසින් දිනා ගන්නා ලද අතර, හොඳම ශාරීරික යෝග්‍යතාවය හිමි පුහුණුවන්නා වශයෙන් සාමාන්‍ය නැවි එච්එම්එච් චතුරංග සම්මාන හිමි කර ගන්නා ලදී.
මෙම ලාංඡන පැළඳවීමේ උත්සව අවස්ථාවේදී සිය පුහුණු වීමෙන් ලද පන්නරය විදහා දක්වමින් 25 වන සුදුසුකම් ලැබීමේ පාඨමාලාවට අයත් නාවික පුද්ගලයින් විසින් විශේෂ සංදර්ශණයක් සහ දියේ ගිලී ආපදාවටපත් පුද්ගලයින් වෙත සහන සැලසීමේ ප්‍රදර්ශනාත්මක මෙහෙයුමක්ද සිදු කරන ලදී.