පෙබරවාරි 26, 2025
tami eng youtube  twitter facebook

    ඕමානයේ රැකියා දෙන බවට පවසා තරුණ කාන්තාවන් ගණිකා සේවයේ යෙදවූ කාන්තාවක් අත්අඩංගුවට

    මාර්තු 13, 2021

    ඕමානයේ විවිධ ක්ෂේත්‍රවල රැකියා ලබාදෙන බවට පවසා වයස අවුරුදු 20-40 අතර කාන්තාවන් එරටට ගෙනගොස් ලිංගික ජාවාරම්වල නිරත කල මහියංගනය ප්‍රදේශයේ කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන අංශය හා වව්නියාව, පූවාස්කුලම් පොලීසිය සමත් විය.

    මෙම කාන්තාව සම්බන්ධව පසුගිය පෙබරවාරි මාසයේදි මෙරට ජනමාධ්‍යවල පලවූ ප්‍රවෘත්ති හා හිංසනයට ලක් වූ කාන්තාවන්ගෙන් ලද තොරතුරු මත මෙම කාන්තාවගේ මිනිස් ජාවාරම් පිළිබඳව තොරතුරු හෙලිවී තිබේ. අදාල කාන්තාවට එරෙහිව දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් සිදුකල පැමිණිල්ලකට අනුව, විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශන අංශය විසින් සැකකාර කාන්තාව අත්අඩංගුවට ගැනීමට දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් මධුෂිකා වාසල මහත්මියගෙන් අධිකරණ නියෝගයක් ගෙන තිබේ.

    සැකකාර කාන්තාව හා තවත් පිරිසක් එක්ව මෙම මිනිස් ජාවාරම සිදුකරගෙන ගොස් ඇති අතර තරුණ රූමත් කාන්තාවන්ට රැකියා ලබා දෙන බව පවසා ඔවුන් මානයට රැගෙන ගොස් එහිදී එරට සුල්තාන්වරුන්ට අලෙවි කර ඇති බවට තොරතුරු ලැබී තිබේ. මෙලෙස කාන්තාවන් රැගෙන ගොස් ගණිකා ජාවාරමට ලබා දීම බරපතල මිනිස් ජාවාරමක් වන අතර, එය විදේශ සේවා නියුක්ති කාර්යංශ පනතේ අංක 62/1 වගන්තියට අනුව වරදකි. මෙයට අමතරව මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද පැමිණිලි ලැබී ඇති අතර ඒ සම්බන්ධව එම කාන්තාව මාර්තු 18 වෙනිදා කොළඹ අංක 1 උසාවියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මඟින් ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

    සැකකාර කාන්තාව පසුගිය පෙබරවාරි 25 වෙනි දින ඕමානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, දින 14ක නිරෝධායන සඳහා ඇය වව්නියාව නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කොට තිබේ. අද එම නිරෝධායනය අවසන් වී ඉන් පිටතට පැමිණි මොහොතේ ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත්වරියගෙන් ලද නියෝගය මතය. සැකකාරිය, වව්නියාව වැඩබලන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ලබන 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කොට තිබේ.

    සැකකාරිය අත්අඩංගුවට ගැනීමට, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශන නිලධාරි සරත් විමලවීර, වව්නියා පූවාසකුලම් පොලිස් ස්ථානයේ මෙහෙය වීම මත පොලිස් කොස්තාපල් ජයසිංහ හා කාන්තා පොලිස් කොස්තාපල් සෙව්වන්දි යන අය එක් විය.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya