අනුරාධපුරය, හයවන හරස් වීදිය, අභයපුර අංක 01 සඳහන් පරිශ්‍රයේ මෙය ඉදිකෙරෙන අතර එහි සිට අනුරාධපුර නගරයේ සියලු ස්ථානවලට පහසුවෙන් ගමන් කළ හැකි වන පරිදි මෙම නිවාස ව්‍යාපෘතිය ඉදිකෙරෙන ඉඩම පිහිටා ඇත.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ අධීක්ෂණයෙන් ක්‍රියාත්මක කෙරෙන මෙම නිවාස ව්‍යාපෘතිය මහල් 10 කින් සමන්විත වෙයි.
ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, සමෘද්ධි ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම නිවාස ඒකක ඉදිකිරීම ආරම්භ කෙරේ.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ
අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර යන මහත්වරුන් සහ දේශපාලඥයින් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතයි.
අනුරාධපුර නගරයට ඇවිදින දුරකින් පිහිටි අක්කර 01 පර්චස් 66 ක ඉඩමක මෙම නිවාස ඉදිකෙරේ. මෙම ඉඩම නාගරික සංවර්ධන අධිකාරියට අයත් වූවකි.
මෙම නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදිවන නිවාස වර්ග දෙකකට අයත් වේ. ඉන් එක් වර්ගයක් වර්ග අඩි 900 කින් සමන්විතයි. නිදන කාමර 03 ක්, මුළුතැන්ගෙයක්, නාන කාමර 03 ක්, ගබඩා
කාමරයක් ඇතුළත් නිවාස 54 ක් මේ යටතේ ඉදිකෙරේ.
දෙවෙනි වර්ගයේ නිවාස වර්ග අඩි 700 කින් සමන්විත වෙයි. ඒයට නිදන කාමර 02 ක්, මුළුතැන්ගෙයක්, නාන කාමර 02 ක්, පොදු හිස් අවකාශයක් ද ඇතුළත් වෙයි. මේ යටතේ ඉදිවන නිවාස ගණන 81 කි.
නිවාස ව්‍යාපෘතිය තුළ ඉදිකෙරෙණ සම්පූර්ණ නිවාස කරන 81 කි. වැඩ අරඹා, වසර 1 1/2 කින් වැඩ අවසන් කිරීමට නියමිත මෙම නිවාස ව්‍යාපෘතියේ වාහන 135 කින් යුත් නේවාසික
රථගාලකින් සහ අමුත්තන්ගේ රථගාලකින් ද යුක්තයි.
නිවාස ව්‍යාපෘති පරිශ්‍රයේ මුළු භූමි ප්‍රමාණය වර්ග අඩි 16, 700 කි. නිවසක විකුණුම් මිල රුපියල් මිලියන 10 ක අත්තිකාරම් මුදලක් පළමුව ගෙවා පදිංචි විය හැකි අතර, ගිවිස ගන්නා නිශ්චිත
කාලයක් තුළ ඉතිරි මුදල් ගෙවීමෙන් පසු නිවසේ හිමිකම පවරා දීමට නියමිතයි.
සතුට බිල්ඩර්ස් පුද්ගලික සමාගම මෙම නිවාස ඉදිකිරීමේ කොන්ත්‍රාත්කරු ලෙස කටයුතු කරයි. නිවාස ව්‍යාපෘතියේ උපදේශකවරු ලෙස ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව කටයුතු කරන අතර නාගරික සංවර්ධන අධිකාරිය නිවාස ව්‍යාපෘති ඉදිකිරීම මෙහෙයවයි. මෙහි සම්පූර්ණ ආයෝජන රුපියල් මිලියන 1,600 කි.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ
උපදෙස් අනුව නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ
ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර යන මහත්වරුන්ගේ අධික්ෂණයෙන් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් මෙම සමස්ථ නිවාස ව්‍යාපෘතිය ඉදිකිරීමේ කටයුතු අධික්ෂණය කරනු ලබයි.