පෙබරවාරි 26, 2025
tami eng youtube  twitter facebook

    ජාතික නාමල් උයනේ කැනීම් කටයුතු ඇරඹෙයි

    මාර්තු 13, 2021

    ජාතික නාමල් උයන සහ රෝස තිරුවානා කදු පන්තිය අප රටෙහි තෙිහාසික මෙන්ම සොබාදම් මාතාවගේ අපූරු නිර්මාණයකි. මෙම ජාතික නාමල් උයනේ කැනීම් කටයුතු පසුගිය මාර්තු 11 වනදා ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සුභ මොහොතින් ආරම්භ කෙරුණි.

     

    ජාතික නාමල් උයනේ නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි මධ්‍යම සංස්කෘතික අරමුදල මූලිකත්වය ගනිමින් එහි පොහොය ගෙය කැණීම් කටයුතු මෙලෙස සුභ මොහොතින් ඇරඹීය.

    මෙම අවස්ථාව සදහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ, හිටපු අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී අධිකාරි, පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ පාලිත වීරසිංහ, නාමල් උයනේ ව්‍යාපෘති කළමණාකාර චන්දන වීරසේන, මධ්‍යම සංස්කෘතික අරමුදලේ මාධ්‍ය අධ්‍යක්ෂ ලලිත් උදේශ මධුභාන, මධ්‍යම සංස්කෘතික අරමුදලේ සංචාරක ප්‍රවර්ධන අධ්‍යක්ෂ උපුල් බණ්ඩාරනායක, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අර්ජුන් තන්තිලගේ, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජයසම්පත් සේනානායක, වෙනත් පුරාවිද්‍යා නිලධාරීන් මෙන්ම ආරක්ෂක අංශ ප්‍රධානීන් මාධ්‍යවේදීන් ඇතුළු මහත්ම මහත්මීන් බොහෝ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya